spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ තාක්ෂණික යෝජනාවකට චීන සමාගම් රැසක් හා කියයි

යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය සඳහා අධ්‍යයන හා තාක්ෂණ අංශ හරහා සහාය දැක්වීමට චීන ආයතන කැමැත්ත පළ කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ශ්‍රී ලංකාව කළ යෝජනාව සම්බන්ධ ව අධ්‍යයන හා තාක්ෂණ අංශයන්ගෙන් සහයෝගය ලබාදීමට දේශගුණික කාර්යයන්ට සම්බන්ධ චීන ආයතන ගණනාවක නියෝජිතයන් එකඟ වූ බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බීජිං නුවර පාරිසරික විශ්වවිද්‍යාල සහ දේශගුණය සම්බන්ධ නියෝජිත ආයතන කිහිපයක ප්‍රධානීන් අතර ඊයේ (19) පැවති සාකච්ඡාවේ දී මේ බව අනාවරණය කෙරුණා.

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නය ඉතා කාලෝචිත හා දූරදර්ශී එකක් බවයි මෙහිදී පැමිණ සිටි නියෝජිත පිරිස පෙන්වා දුන්නේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් පාර්ශ්වකරුවන් රැසක් සමග සාකච්ඡා කර ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ තනි වෑයමක් නොව සාමුහික ක්‍රියාදාමයක් බවට පත් කර ගැනීම තම අභිප්‍රාය බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

විශ්වවිද්‍යාලයට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වයන් සමග මාර්ගගත සාකච්ඡා වාර කිහිපයක් සංවිධානය කිරීමට ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු කෙරුණු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?