මැදපෙරදිග ගිනි ගනිද්දී පුටින් වීණා වැයීමට සැරසෙයි

ලෝක බලවතෙකු වන රුසියාව මෙවර චීනයේ පැවැත්වෙන ලෝක නායක සමුළුවට එක් ව සිටියා.

එම සමුළුවට එක් වෙමින්; රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පැවසුවේ මැදපෙරදිග පවතින යුද වාතාවරණය මත ඉදිරියේ දී නව ලෝක බලවතුන්ගේ පිළිවෙළක් ගොඩනැගීමේ දී සිය සහාය චීන ජනපති ෂී ජින්ග් පින්ග් හට හිමිවනු ඇති බවයි.

මෙම සමුළුව අමතමින් චීන ජනාධිපතිවරයා ඉදිරියේ දී නව ලෝක බලවතුන්ගේ පිළිවෙළක් ගොඩනැගීමේ අවශ්‍යතාව ද මතු කලා.

ඊට පිළිතුරු වශයෙනුයි රුසියානු ජනාධිපතිවරයා ඉහත ප්‍රකාශය සිදු කර ඇත්තේ.

පුටින් මෙම සමුළුවේ දී චීන ජනපතිගේ විදේශ ප්‍රතිපත්තිය සහ සාධාරණ බහුපාර්ශ්වීය ලෝක බලවතුන් ගොඩනැගීම සඳහා වන අරමුණ දැඩි ලෙස ප්‍රශංසාවට ලක් කෙරුණා.

රුසියාව සහ චීනය සෑම විට ම සමාන සහ අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගීතාව සඳහා පෙළ ගැසී සිටින අතර, එය ශිෂ්ටාචාර සහ එහි විවිධත්වයට සෑම රාජ්‍යයකට ම තම තමන්ගේ සංවර්ධන ආකෘති සඳහා ඇති අයිතියට ගරු කරන රාජ්‍යයන් බවයි.

මෙහිදී මේ දිනවල ගෝලීය වශයෙන් දැඩි කතාබහක් මතු කර තිබෙන හමාස් – ඊශ්‍රායල යුද අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණා.

“ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා නව රාමුවක් ස්ථාපිත කළ ෂී ජින්ග් හට රුසියානු ජනාධිපතිවරයා යළි යළිත් ස්තුතිය පළ කරමින්, සිය අවධානය මැදපෙරදිග යුද්ධය සඳහා ද යොමු කළා.

පුළුල් කලාපීය ගැටුමක් දක්වා වර්ධනය වීමට තර්ජනය කරන මැදපෙරදිග යුද සෙවණැල්ලක් යටතේ මෙම රැස්වීම සිදු වූ බවත්, ලෝක බලවතුන් අතරේ ගැඹුරු මතගැටුම් සහ බෙදීම් ගැන ද පුටින් මෙහිදී අදහස් පළ කළා.

දකුණු ගෝලීය රාජ්‍යයන්හි නායකයින් මේ දිනවල චීන අගනුවරට රැස් ව සිටියදී, ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන හමාස් තුරන් කිරීමට අමෙරිකාව ප්‍රතිඥා දී ඇති පසුබිමකයි අමෙරිකානු ජනපති බයිඩ්න් පවා අද දිනයේ දී ඊශ්‍රායලයට පැමිණියේ.

කෙසේවෙතත් රුසියාව සහ චීනය හමාස් සංවිධානයෙන් සහ ඊශ්‍රායලයෙන් සටන් විරාමයක් ඉල්ලා ඇති අතර, එය මේ වනවිට ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඒ ඊශ්‍රායලයට යුරෝපයේ බොහෝ රාජ්‍යය නායකයින්ගේ නොමසුරු සහාය ලැබෙන මොහොතකදී වීම ද විශේෂත්වයක්.

කෙසේවෙතත් චීනය සහ රුසියාව ඊශ්‍රායලයේ ක්‍රියාකාරකම් විවේචනය කරන්නේ, බටහිර රටවල් සමග ඔවුන්ගේ ඇති සබඳතා විරසක වීම් ඇති වීම තුළ දී ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06
Video thumbnail
ගම්පොළ - වීගුලවත්ත ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - මාර්ගයේ ගමනාගමනයටත් බාධා
00:58
Video thumbnail
අපිට බැනලා හරියන්නේ නෑ - ආණ්ඩුවට අපල කාලයක්.. පව්
05:05
Video thumbnail
විපක්ෂය එකම ජල්ලියක් අල්ලයි..මයික් එක දෙනවා ඕයි
02:22
Video thumbnail
රටේවත් නොහිටපු සලේ හයේ හතරේ ශෙල් එකක
00:39
Video thumbnail
හර්ෂගේ සෙල්ලමට අපි අහුවෙන්නේ නෑ - සජිත්ට වඩා වැඩ පෙන්නන්න හදනවා
01:40
Video thumbnail
කබරගොයත් තලගොයා කරගෙන ඉන්නේ හරිනි මැඩම් දැන් ?
01:54