ඩයනාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක්

සමගි ජන බලවේගය විසින් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සිය නීතිඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

අදාළ පෙත්සම අද එස්. තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය මහජන වැදගත්කමක් සහිත නඩුකරයක් බවටයි සඳහන් කළේ.

පක්ෂ සාමාජිකත්වය නෙරපීම සම්බන්ධයෙන් පසුගිය දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එකිනෙකට වෙනස් මතභේදාත්මක තීන්දු දෙකක් ලබාදී තිබෙන පසුබිමක මෙම පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සළකා බැලීම සුදුසු බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නා.

ඒ අනුව අදාළ පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා අග විනිසුරුවරයා වෙත මෝසමක් ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාපා සහ ෆර්මාන් කාසිම් යන නීතිඥවරුන් මීට විරෝධය පළ කර සිටියා.

කෙසේ වෙතත් අදාළ මෝසම ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කාර පාර්ශ්වයට කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් විභාගය නොවැම්බර් මස 27 වනදා පැවැත්වීමට පියවර ගන්නා බවත් නියෝග කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 20 වන සංශෝධනයට සහාය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පක්ෂයේ විනය කඩ කළේ යැයි චෝදනා කරමින් ඩයනා ගමගේ අමාත්‍යවරිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් කටයුතු කර තිබුණා.

සමගි ජන බලවේගය විසින් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බවත් එබැවින් එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ඩයනා ගමගේ අමාත්‍යවරිය විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?