ඩයනාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක්

සමගි ජන බලවේගය විසින් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සිය නීතිඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

අදාළ පෙත්සම අද එස්. තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය මහජන වැදගත්කමක් සහිත නඩුකරයක් බවටයි සඳහන් කළේ.

පක්ෂ සාමාජිකත්වය නෙරපීම සම්බන්ධයෙන් පසුගිය දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එකිනෙකට වෙනස් මතභේදාත්මක තීන්දු දෙකක් ලබාදී තිබෙන පසුබිමක මෙම පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සළකා බැලීම සුදුසු බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නා.

ඒ අනුව අදාළ පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා අග විනිසුරුවරයා වෙත මෝසමක් ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාපා සහ ෆර්මාන් කාසිම් යන නීතිඥවරුන් මීට විරෝධය පළ කර සිටියා.

කෙසේ වෙතත් අදාළ මෝසම ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කාර පාර්ශ්වයට කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් විභාගය නොවැම්බර් මස 27 වනදා පැවැත්වීමට පියවර ගන්නා බවත් නියෝග කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 20 වන සංශෝධනයට සහාය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පක්ෂයේ විනය කඩ කළේ යැයි චෝදනා කරමින් ඩයනා ගමගේ අමාත්‍යවරිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් කටයුතු කර තිබුණා.

සමගි ජන බලවේගය විසින් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බවත් එබැවින් එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ඩයනා ගමගේ අමාත්‍යවරිය විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

  1. මෙ පක්ෂයේ නියම නියම හිමි කාරිය ඩයානා මහත්මිය . එනිස ඇයව පක්ෂයෙන් නෙරපීම කලනොහැකි දෙයක්. සජිත් ට යන එන මං නැති වෙලාවක මෙ පක්ෂය ඔහු වෙනුවෙන් ලබාදී කටයුතු කල ඇයව නෙරපීම කන්න දීපු අත සපාකෑමට සමානයි. සජිත්ගෙ ගෑනිත් අනුන්ගේ ගෙයක් බලෙන සහ ඇයගේ මැර බලයෙන් තබාගෙන ඉන්නවා. ඉතින් සජිත් බලයට ආවොත් රටට අඹ සරනයි.

  2. There is a judgement pending whether Diana’s should be disqualified from holding a post of member of the parliment due to being a British Citizen.
    If the verdict is declared this case doesn’t arise



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56