AFC Banner
Empty Ad
Empty Ad

මැක්ඩොනල්ඩ්ස් ඊශ්‍රායල් හමුදාවට නොමිලේ කෑම බෙදයි

හමාස් සංවිධානයට එරෙහි යුද්ධයේ දී ඊශ්‍රායල සොල්දාදුවන්ට නොමිලේ ආහාර සපයන බවට ලොව සුප්‍රසිද්ධ අවන්හල් දාමයක් වන මැක්ඩොනල්ඩ්ස් සමාගම පවසනවා.

මැක්ඩොනල්ඩ්ස් ඊශ්‍රායල් ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සඳහන්කර ඇත්තේ ඊශ්‍රායල භට පිරිස් සහ රෝහල් සඳහා නොමිලේ ආහාර දහස් ගණනක් ලබාදෙන බවයි.

“දැනටමත් අපි රෝහල් සහ හමුදා ඒකක සඳහා ආහාර 4000ක් පරිත්‍යාග කර තිබෙනවා.සොල්දාදුවන්ට දිනපතා ආහාර දහස් ගණනක් පරිත්‍යාග කිරීමට අපි අදහස් කරනවා, මෙය ආපනශාලා වෙත පැමිණෙන සොල්දාදුවන්ට ලබාදෙන වට්ටම්වලින් ඔබ්බටයි. අපි මේ සඳහා පමණක් අවන්හල් 05ක් විවෘත කළා.”

ඔවුන්ගේ මෙම ප්‍රකාශය බොහෝ පිරිසකගේ විවේචනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මැක්ඩොනල්ඩ්ස් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට නොමිලේ ආහාර ලබා දෙන්නේ නම් ලොව පුරා සිටින සියලුම මුස්ලිම්වරුන් මැක්ඩොනල්ඩ්ස් වර්ජනය කළ යුතු බව බොහෝ දෙනෙකු මත පළකරමින් සඳහන් කර තිබෙනවා.

ඇතැම් පරිශීලකයින්, ඊශ්‍රායලය හමුදාවන්ට මැක්ඩොනල්ඩ්ස් ලබාදෙන මෙම සහයෝගය වෙනුවෙන් ප්‍රශංසාකර ඇති ආකාරය ද දැකගත හැකි වනවා.

මේ අතර, මැක්ඩොනල්ඩ්ස් ඕමාන් විසින් සිය එක්ස් හෙවත් ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ ගාසා තීරයට ඔවුන්ගේ සහාය පළ කරන බවයි.

ගාසා තීරයේ ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා මැක්ඩොනල්ඩ්ස් ඕමාන් සමාගම ඩොලර් 100,000ක් පරිත්‍යාග කර ඇති බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
7
+1
3
+1
2
+1
3
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?