මැක්ඩොනල්ඩ්ස් ඊශ්‍රායල් හමුදාවට නොමිලේ කෑම බෙදයි

හමාස් සංවිධානයට එරෙහි යුද්ධයේ දී ඊශ්‍රායල සොල්දාදුවන්ට නොමිලේ ආහාර සපයන බවට ලොව සුප්‍රසිද්ධ අවන්හල් දාමයක් වන මැක්ඩොනල්ඩ්ස් සමාගම පවසනවා.

මැක්ඩොනල්ඩ්ස් ඊශ්‍රායල් ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සඳහන්කර ඇත්තේ ඊශ්‍රායල භට පිරිස් සහ රෝහල් සඳහා නොමිලේ ආහාර දහස් ගණනක් ලබාදෙන බවයි.

“දැනටමත් අපි රෝහල් සහ හමුදා ඒකක සඳහා ආහාර 4000ක් පරිත්‍යාග කර තිබෙනවා.සොල්දාදුවන්ට දිනපතා ආහාර දහස් ගණනක් පරිත්‍යාග කිරීමට අපි අදහස් කරනවා, මෙය ආපනශාලා වෙත පැමිණෙන සොල්දාදුවන්ට ලබාදෙන වට්ටම්වලින් ඔබ්බටයි. අපි මේ සඳහා පමණක් අවන්හල් 05ක් විවෘත කළා.”

ඔවුන්ගේ මෙම ප්‍රකාශය බොහෝ පිරිසකගේ විවේචනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මැක්ඩොනල්ඩ්ස් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට නොමිලේ ආහාර ලබා දෙන්නේ නම් ලොව පුරා සිටින සියලුම මුස්ලිම්වරුන් මැක්ඩොනල්ඩ්ස් වර්ජනය කළ යුතු බව බොහෝ දෙනෙකු මත පළකරමින් සඳහන් කර තිබෙනවා.

ඇතැම් පරිශීලකයින්, ඊශ්‍රායලය හමුදාවන්ට මැක්ඩොනල්ඩ්ස් ලබාදෙන මෙම සහයෝගය වෙනුවෙන් ප්‍රශංසාකර ඇති ආකාරය ද දැකගත හැකි වනවා.

මේ අතර, මැක්ඩොනල්ඩ්ස් ඕමාන් විසින් සිය එක්ස් හෙවත් ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ ගාසා තීරයට ඔවුන්ගේ සහාය පළ කරන බවයි.

ගාසා තීරයේ ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා මැක්ඩොනල්ඩ්ස් ඕමාන් සමාගම ඩොලර් 100,000ක් පරිත්‍යාග කර ඇති බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

  1. UNGETH JADA DESHAPALANYA, MEHEN MA IGENA GEN WAGEYI. ASARANA AHINSAKA UPAN BIME ISRAEL UNE DEPA LEWA KANA ANATHAYIN UNA ORIGINAL PALASTHEENUWANTA SAHANA DENNA EKEKNAHE, ADU GANE WATEYI INNA PONNA ARABI RATAWAL SET EKA WATH UNTA KANNA BONNA INNA DENNA ONA NEDHA. HAMAS KIYANNE PALASTHEENAYE ARAKSHAKAY, NAMUTH HAMAS KIYANNE MULU PALASTHEENA JANATHAWAMA NOWEYI. ME NATHI PRASHANYA 1917 ATHI KARAPU MUSALA UK JADA HATHTHA DAN AHAKA BALAGENA INNAWA. UNMA WATEYI ANITH RATAWLIN PALASTHEENAYATA MAYIM WANA BHUMIYA SALLI WALTA ARAGENA DEELA PALASTHEENAYA LOKU KARALA ITA PASE SAMAWA DEKATA BEDHALA DEATHTHE DEGOLLO DAMMA NAM MEHEMA NOWENNA THIBUNA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33