AFC Banner
Empty Ad
Empty Ad

2024 අයවැය පහසුවෙන් සකස් කිරීමට හැකි දෙයක් නෙවෙයි (වීඩියෝ)

කෙටි කාලයක් තුළ විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් කිරීමට හැකිවෙනු ඇති බවට විශ්වාස කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මේ අතර මෙවර අයවැය පහසුවෙන් සකස් කිරීමට හැකි අයවැය ලේඛනයක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව මෙවර අයවැය ඉතා ඉහළ මූල්‍ය කළමනාකාරිත්වයක් සහ ඉතාම ඉහළ වියදම් පිළිබඳ වූ පෙළගැස්මක් සහිතව සිදුකිරීමට සිදුව ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා.

“මේකත් පහසු අයවැයක් නෙවෙයි, මොකද අපි ඉතාමත් අසීරු තැනක ඉදලා, මේ වර්ෂයෙත් පළවෙනි කාර්තු දෙකම සෘණ ආර්ථිකයක් තිබුණේ. සංකෝචනය වුණා. අපි බලාපොරොත්තු වෙනවා දෙවන කාර්තු දෙක යම් ආකාරයකට වෙනස් වෙයි කියලා. එතන ඉදගෙන තමයි අපිට 2024 වර්ෂය සඳහා වියදම් සහ ආදායම් තක්සේරු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ අයවැය ලේඛනයත් පහසුවෙන් සකස් කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඉතාම ඉහළ මූල්‍ය කළමනාකාරිත්වයක් යොදලා. ඉතාම ඉහළ වියදම් පිළිබඳ වූ පෙළගැස්මක් සහිතව කිරීමට අපිට සිද්ධ වෙලා තියෙනවා.
අපි විශ්වාස කරනවා අපිට කෙටිකාලයක් තුළ මේ ප්‍රතිව්‍යූහගතකරණය නිමා කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි දැනට සකස් කරගෙන තියෙන ඉලක්කත් එක්ක අපිට අයවැය ලේඛනය පිළියෙළ කරගන්න පුළුවන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?