2024 අයවැය පහසුවෙන් සකස් කිරීමට හැකි දෙයක් නෙවෙයි (වීඩියෝ)

කෙටි කාලයක් තුළ විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් කිරීමට හැකිවෙනු ඇති බවට විශ්වාස කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මේ අතර මෙවර අයවැය පහසුවෙන් සකස් කිරීමට හැකි අයවැය ලේඛනයක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව මෙවර අයවැය ඉතා ඉහළ මූල්‍ය කළමනාකාරිත්වයක් සහ ඉතාම ඉහළ වියදම් පිළිබඳ වූ පෙළගැස්මක් සහිතව සිදුකිරීමට සිදුව ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා.

“මේකත් පහසු අයවැයක් නෙවෙයි, මොකද අපි ඉතාමත් අසීරු තැනක ඉදලා, මේ වර්ෂයෙත් පළවෙනි කාර්තු දෙකම සෘණ ආර්ථිකයක් තිබුණේ. සංකෝචනය වුණා. අපි බලාපොරොත්තු වෙනවා දෙවන කාර්තු දෙක යම් ආකාරයකට වෙනස් වෙයි කියලා. එතන ඉදගෙන තමයි අපිට 2024 වර්ෂය සඳහා වියදම් සහ ආදායම් තක්සේරු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ අයවැය ලේඛනයත් පහසුවෙන් සකස් කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඉතාම ඉහළ මූල්‍ය කළමනාකාරිත්වයක් යොදලා. ඉතාම ඉහළ වියදම් පිළිබඳ වූ පෙළගැස්මක් සහිතව කිරීමට අපිට සිද්ධ වෙලා තියෙනවා.
අපි විශ්වාස කරනවා අපිට කෙටිකාලයක් තුළ මේ ප්‍රතිව්‍යූහගතකරණය නිමා කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි දැනට සකස් කරගෙන තියෙන ඉලක්කත් එක්ක අපිට අයවැය ලේඛනය පිළියෙළ කරගන්න පුළුවන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සුළු පක්ෂවලට සලකන්න බෑ..සහයෝගය දුන්නට ආණ්ඩුවට ගන්නේ නෑ
03:01
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ සුලමුළ හොයන්න DIGත් එයි - මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:46
Video thumbnail
ආණ්ඩුවට ජනප්‍රසාදය වැඩිවෙනකොට විපක්ෂය දැන් දෙදරුම් කනවා - සජිත්ට යන එන මං නැතිවෙයිද ?
01:35
Video thumbnail
අම්මා තාත්තගේ අහුවුණත් වුණත්..ආයේ Chance එකක් නෑ - PHI නිලධාරින් සැර වෙයි
06:23
Video thumbnail
අපිට ලැජ්ජයි..ඔයාලා තමයි රටේ සා#පය - මෙහෙම ගියොත් රට බංකොළොත් වෙනවා
09:15
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු වෙන අයුරු - තවත් පොලිස් නිලධාරින් පැමිණෙයි
01:45
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ දේහය කොළඹ නැගෙනහිර මූලික රෝහලට - මෙන්න නිවසේ නවතම දර්ශන
01:46
Video thumbnail
BREAKING පිස්ටල් එකත් බිම.. එළියේ තමයි වෙලා තියෙන්නේ.. සිද්ධිය වූ තැන නවතම දර්ශන පෙළ මෙන්න
00:28
Video thumbnail
වෙ# ත#බාගත් හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන
01:18
Video thumbnail
නවගමුවේ වෙ# වැදුණු තරුණයා එළොව යයි
01:21