AFC Banner
Empty Ad
Empty Ad

කෑම ඕඩරේ වැරැද්දුවාට ජනප්‍රිය සමාගම් දෙකකට දඩ – නඩු ගාස්තු ගෙවන්නත් නියෝග

ලොව සුප්‍රසිද්ධ අවන්හල් ජාලයක්වන මැක්ඩොනල්ඩ්ස් ආයතනය සහ ඉන්දියාවේ ඔන්ලයින් ආහාර ඇනවුම් බෙදාහැරීමේ සමාගමක්වන සුමාටෝ සමාගමට රුපියල් ලක්ෂයක දඩයක් නියමකර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය විසින් පාරිභෝගිකයෙකු ගොනුකළ පැමිණිල්ලකට අනුව ජෝද්පූර් හි දිස්ත්‍රික් පාරිභෝගික ආරවුල් විසඳීමේ සංසදය විසින් මෙම දඩ මුදල නියමකර ඇති බවයි.

ලොව සුප්‍රසිද්ධ ආපනශාලා ජාලයක්වන මැක්ඩොනල්ඩ්ස් අවන්හලකින් ඇනවුම්කර නිර්මාංශ ආහාර වේලක් වෙනුවට මාංශ සහිත ආහාර වේලක් ලබාදීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.

එම ඔන්ලයින් ආහාර ඇනවුම බෙදාහැරීම සම්බන්ධයෙන් සුමාටෝ සමාගමට විරුද්ධව ද එම පැමිණිල්ල සිදුකර තිබෙනවා.

එහිදී එම පැමිණිල්ල සම්බන්ධයන් සිදුකළ විමර්ශනවලින් පසු අදාළ සමාගම් දෙකම වැරදිකරුවන් බවට ඔප්පුවීමෙන් අනතුරුව මෙම දඩ මුදල පැනවීමටයි මෙලෙස කටයුතු කර ඇත්තේ.

ඊට අමතරව අදාළ පාරිභෝගිකයාට දැරීමට සිදු වූ ඉන්දීය රුපියල් 5,000ක නඩු ගාස්තුව ගෙවීමට ද මෙහිදී නියෝග කර තිබෙනවා.

ඒ, අනුව අදාළ දඩ මුදල් සමාගම් දෙකම එක්ව දැරිය යුතු බවයි දන්වා ඇත්තේ.

මෙම පැමිණිල්ල විභාගයට ගන්නා අවස්ථාවේ දී සුමාටෝ සමාගම පවසා ඇත්තේ ඔවුන් ආහාර බෙදා හැරීමේ පහසුකම පමණක් සපයන බවත් ඇණවුම වැරදි ලබාදීම සම්බන්ධයෙන් අවන්හල වගකිව යුතු බවයි.

කෙසේ වෙතත් එම කරුණු දැක්වීම් ඉවත දමමින් අදාළ සමාගම් දෙකට මෙලෙස දඬුවම් පැනවීමට කටයුතු කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?