කෑම ඕඩරේ වැරැද්දුවාට ජනප්‍රිය සමාගම් දෙකකට දඩ – නඩු ගාස්තු ගෙවන්නත් නියෝග

ලොව සුප්‍රසිද්ධ අවන්හල් ජාලයක්වන මැක්ඩොනල්ඩ්ස් ආයතනය සහ ඉන්දියාවේ ඔන්ලයින් ආහාර ඇනවුම් බෙදාහැරීමේ සමාගමක්වන සුමාටෝ සමාගමට රුපියල් ලක්ෂයක දඩයක් නියමකර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය විසින් පාරිභෝගිකයෙකු ගොනුකළ පැමිණිල්ලකට අනුව ජෝද්පූර් හි දිස්ත්‍රික් පාරිභෝගික ආරවුල් විසඳීමේ සංසදය විසින් මෙම දඩ මුදල නියමකර ඇති බවයි.

ලොව සුප්‍රසිද්ධ ආපනශාලා ජාලයක්වන මැක්ඩොනල්ඩ්ස් අවන්හලකින් ඇනවුම්කර නිර්මාංශ ආහාර වේලක් වෙනුවට මාංශ සහිත ආහාර වේලක් ලබාදීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ.

එම ඔන්ලයින් ආහාර ඇනවුම බෙදාහැරීම සම්බන්ධයෙන් සුමාටෝ සමාගමට විරුද්ධව ද එම පැමිණිල්ල සිදුකර තිබෙනවා.

එහිදී එම පැමිණිල්ල සම්බන්ධයන් සිදුකළ විමර්ශනවලින් පසු අදාළ සමාගම් දෙකම වැරදිකරුවන් බවට ඔප්පුවීමෙන් අනතුරුව මෙම දඩ මුදල පැනවීමටයි මෙලෙස කටයුතු කර ඇත්තේ.

ඊට අමතරව අදාළ පාරිභෝගිකයාට දැරීමට සිදු වූ ඉන්දීය රුපියල් 5,000ක නඩු ගාස්තුව ගෙවීමට ද මෙහිදී නියෝග කර තිබෙනවා.

ඒ, අනුව අදාළ දඩ මුදල් සමාගම් දෙකම එක්ව දැරිය යුතු බවයි දන්වා ඇත්තේ.

මෙම පැමිණිල්ල විභාගයට ගන්නා අවස්ථාවේ දී සුමාටෝ සමාගම පවසා ඇත්තේ ඔවුන් ආහාර බෙදා හැරීමේ පහසුකම පමණක් සපයන බවත් ඇණවුම වැරදි ලබාදීම සම්බන්ධයෙන් අවන්හල වගකිව යුතු බවයි.

කෙසේ වෙතත් එම කරුණු දැක්වීම් ඉවත දමමින් අදාළ සමාගම් දෙකට මෙලෙස දඬුවම් පැනවීමට කටයුතු කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36