අධිවේගී මාර්ගයේ නායයාම ගැන ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් යුද හමුදාවට උපදෙසක්

විශේෂඥ දැනුම යොදා ගනිමින් අධිවේගී මාර්ගය ගමනාගමනයට සුදුසු පරිදි සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නැයි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යුද හමුදා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (12) පෙරවරුවේ අධිවේගී මාර්ගයේ නාය ගිය ස්ථානය නිරීක්ෂණයට එක් වුණා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිපදෙනෙක් ද මෙම සංචාරයට එක්ව සිටියා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර මාර්ගයට ඊයේ රාත්‍රියේ පස් කන්දක් නාය යාමෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අඛණ්ඩව ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී එදිනෙදා ජන ජීවිතයට මහත් බාධා පමුණුවමින් විශාල ලෙස දේපළ හානි සිදුව ඇති පසුබිමකයි අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටී ගමනාගමනයට බාධා මතුවී ඇත්තේ.

එම ස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක් වූ රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ විශේෂඥ දැනුම යොදාගනිමින් අධිවේගී මාර්ගය වාහන ගමනාගමනයට සුදුසු පරිදි සකස් කිරීමට කඩිනමි පියවර ගන්නා ලෙස යුද හමුදා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

විපතට පත් ප්‍රජාවන්ට සහන සැලසීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ද රාජ්‍ය අමාත්‍යවරයා ආපදා කළමනාකරණ නිලධාරීන්ට ද උපදෙස් ලබා දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40