හරීන් සහ මනූෂගේ පෙත්සම් විභාගයට දින දෙයි

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් මේ මස 12 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියෝග කළා.

මෙම පෙත්සම් අද එස්.තුරෛරාජා, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළ ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

මෙහිදී වග උත්තරකාර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පති වික්‍රමරත්න සහ හිජාස් හිස්බුල්ලා යන නීතිඥවරු අධිකරණයේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම පෙත්සම් ගොනු කළ දිනයේ සිට මාස දෙකක් තුළ පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ යුතු බව දන්වා සිටියා.

මෙම පෙත්සම් ගොනු කෙරුණේ අගෝස්තු මස 14 වනදා යැයි නීතිඥවරු සිහිපත් කළා.

ඒ, අනුව අදාළ පෙත්සම් විභාගය කල් දැමීමට හැකියාවක් නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම පෙත්සම් නියම කර තිබෙන පරිදි විභාගයට ගන්නා ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ එස්.තුරෛරාජා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කළේ මෙම පෙත්සම්වලට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් අද (10) දින තුළ ගොනු කරන ලෙසයි.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් විභාගය නියමිත පරිදි ලබන 12 වනදා පැවැත්වීමට ද දින නියම කෙරුණා.

සාධාරණ පරීක්ෂණයකින් තොරව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බල ශූන්‍ය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

  1. WEDAKATA NATHI WEDAGAMMAK NATHI APATHAYO SET EKE INNA DENNEK, MUN DENNAWA ELAWALAMA DANNA ONA. MUNGE INNA HEMA FORUM EKAMA AJUTHA WEDA KARALA THIYENNE. MUN THAMUNGE DARU PAWUL WALATA KISI DEYAK NOKARA APITA KORAYI DHA???



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56