spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හරීන් සහ මනූෂගේ පෙත්සම් විභාගයට දින දෙයි

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් මේ මස 12 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියෝග කළා.

මෙම පෙත්සම් අද එස්.තුරෛරාජා, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළ ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

මෙහිදී වග උත්තරකාර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පති වික්‍රමරත්න සහ හිජාස් හිස්බුල්ලා යන නීතිඥවරු අධිකරණයේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම පෙත්සම් ගොනු කළ දිනයේ සිට මාස දෙකක් තුළ පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ යුතු බව දන්වා සිටියා.

මෙම පෙත්සම් ගොනු කෙරුණේ අගෝස්තු මස 14 වනදා යැයි නීතිඥවරු සිහිපත් කළා.

ඒ, අනුව අදාළ පෙත්සම් විභාගය කල් දැමීමට හැකියාවක් නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම පෙත්සම් නියම කර තිබෙන පරිදි විභාගයට ගන්නා ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ එස්.තුරෛරාජා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කළේ මෙම පෙත්සම්වලට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් අද (10) දින තුළ ගොනු කරන ලෙසයි.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් විභාගය නියමිත පරිදි ලබන 12 වනදා පැවැත්වීමට ද දින නියම කෙරුණා.

සාධාරණ පරීක්ෂණයකින් තොරව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බල ශූන්‍ය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?