AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරුවන්

ඊයේ දිනයේ රාත්‍රි 8.45ට පමණ බුලත්සංහල පොලිස් වසමේ පහල වෙලේලමදි බුලත්සිංහල පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 2, මිලි ග්‍රෑම් 530ක් සන්තකයේ තබා ගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සැකකරුගේ වයස අවුරුදු 40ක් වන අතර ඔහු නායදොල මහගම ප්‍රදේශයේ පදිංච්කරුවෙකි.

සැකකරු අද දින මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියම්තයි.

බුලත්සංහල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මේ අතර හෙරොයින් සමග තවත් සැකකරුවෙකු ඊයේ දිනයේ අගුලාන පොලිස් වසමේ දෙවට පාර පාලම අසලදී අගුලාන පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 2, මිලි ග්‍රෑමි 630ක් ලග තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සැකකරුගේ වයස අවුරුදු 30ක් වන අතර ඔහු රත්මලාන ප්‍රදේශයේ පදිංච්කරුවෙකි.

සැකකරු ඊයේ දිනයේ මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අප්‍රේල් මස 1වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඊයේ දිනයේ තවත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදි හෙරෙයින් ග්‍රෑම් 3, මිලි ග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටියදි අත්අඩංගුවට ගැණුනි.

අදාල සැකකරුගේ වයස අවුරුදු 47ක් වන අතර ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංච්කරුවෙකි.

සැකකරු අද දිනයේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

මේ අතර හෙරෙයින් සහ ජීව අත්බෝම්බයක් සමග පල්ලෙවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ පල්ලෙවෙල පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත හෙරොයින් මිලි ග්‍රෑම් 550ක් හා ජීව අත්බොමිබයක් සන්තකයේ තබා සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සැකකරුගේ වයස අවුරුදු 48ක් වන අතර ඔහු හිරිවල කල්ඒළිය ප්‍රදේශයේ පදිංච්කරුවෙකි.

සැකකරු අද දිනයේ අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියම්තයි.

පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?