ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරුවන්

ඊයේ දිනයේ රාත්‍රි 8.45ට පමණ බුලත්සංහල පොලිස් වසමේ පහල වෙලේලමදි බුලත්සිංහල පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 2, මිලි ග්‍රෑම් 530ක් සන්තකයේ තබා ගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සැකකරුගේ වයස අවුරුදු 40ක් වන අතර ඔහු නායදොල මහගම ප්‍රදේශයේ පදිංච්කරුවෙකි.

සැකකරු අද දින මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියම්තයි.

බුලත්සංහල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මේ අතර හෙරොයින් සමග තවත් සැකකරුවෙකු ඊයේ දිනයේ අගුලාන පොලිස් වසමේ දෙවට පාර පාලම අසලදී අගුලාන පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 2, මිලි ග්‍රෑමි 630ක් ලග තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සැකකරුගේ වයස අවුරුදු 30ක් වන අතර ඔහු රත්මලාන ප්‍රදේශයේ පදිංච්කරුවෙකි.

සැකකරු ඊයේ දිනයේ මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අප්‍රේල් මස 1වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඊයේ දිනයේ තවත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදි හෙරෙයින් ග්‍රෑම් 3, මිලි ග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටියදි අත්අඩංගුවට ගැණුනි.

අදාල සැකකරුගේ වයස අවුරුදු 47ක් වන අතර ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංච්කරුවෙකි.

සැකකරු අද දිනයේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

මේ අතර හෙරෙයින් සහ ජීව අත්බෝම්බයක් සමග පල්ලෙවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ පල්ලෙවෙල පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත හෙරොයින් මිලි ග්‍රෑම් 550ක් හා ජීව අත්බොමිබයක් සන්තකයේ තබා සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල සැකකරුගේ වයස අවුරුදු 48ක් වන අතර ඔහු හිරිවල කල්ඒළිය ප්‍රදේශයේ පදිංච්කරුවෙකි.

සැකකරු අද දිනයේ අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියම්තයි.

පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09