මහ මග දමා ගිය හිමිකරුවන් නොමැති යතුරුපැදි පොලිස් භාරයට

පිළියන්දල අවට ප්‍රදේශ කිහිපයක මහ මග දමා ගොස් තිබූ අයිතිකරුවෙකු නොමැති යතුරුපදි 3ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම සොරකම් කළ යතුරු පැදියකින් යමින් සිටි පුද්ගලයෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම යතුරු පැදි කැස්බෑව ජාලියගොඩ අතුරු මාර්ගයේ, බටකැත්තර මාළු බෝක්කුව අසල සහ බෝකුන්දර මැද්දෝවිට වීරසිංහ මාවතේ දමා ගොස් තිබියදී හමුවූ බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

එම යතුරු පැදි සම්බන්ධයෙන් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව හරහා තොරතුරු ලබාගෙන විමර්ශන සිදුකිරීමට නියමිත බව සඳහන්.

පිළියන්දල පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් වැටලීම් රාජකාරි සඳහා යමින් සිටියදී සැකකටයුතු ලෙස පැමිණි යතුරු පැදියකට නතර කරන ලෙසට කළ සංඥා නොතකා පලා යාමට තැත් කිරීමේදී එය පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ අදාළ යතුරුපැදිය මීට සතියකට ඉහතදී අඟුලාන ප්‍රදේශයෙන් සොරා ගත් එකක් බවටයි.

සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සොරා ගත් යතුරුපැදියේ ලියාපදිංචි අංකය වෙනස් කර ඇති බවට ද හෙළි කර තිබෙනවා.

තදින් මත්කුඩු පානයට ඇබ්බැහි ව සිටින 29 හැවිරිදි සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකම වෙලාවේ එකම ගුවන් යානයේ අනුර සහ නාමල් ?
00:43
Video thumbnail
අතරමං වෙච්ච අලි රෑනක් පලවා හැරිය හැටි කැමරාවේ සටහන් වෙයි
01:07
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ඉල්ලීමක්
06:07
Video thumbnail
අතරමං වෙච්ච අලි රෑනක් පලවා හැරිය හැටි කැමරාවේ සටහන් වෙයි...විශාල විනාශයක් වාසනාවකට නැවතුනා
03:26
Video thumbnail
ජනපති සිංහලෙන් කළ විශේෂ ප්‍රකාශය..
08:37
Video thumbnail
ජනපති සහ මාලදිවයිනේ ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡා ඇරඹෙයි
01:16
Video thumbnail
මෛත්‍රීපාල ලක්ෂ 50ක මුදලක් ගසා කාලා?
02:59
Video thumbnail
රට තුළ ප්‍රමිතයක් නැති පොල්තෙල් විකිණෙනවා..කූට ව්‍යාපාරිකයන්ට අහුවෙන්න එපා..!!
04:44
Video thumbnail
බොරැල්ලේ සිදුවූ බිහිසුණු අනතුරේ CCTV දර්ශන මෙන්න ..දොඹකරයේ රියදුරා ගංජා බීලා පදවලා තියෙන්නේ?
00:54
Video thumbnail
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මාලදිවයින් රාජ්‍ය සංචාරයේ නිල පිළිගැනීමේ උත්සවය
09:16


?