මුලතිව් මහේස්ත්‍රාත්වරයා රට හැරයාම ගැන පූර්ණ විමර්ශනයක්

මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටී.සරවනරාජා සේවයෙන් ඉවත්ව රට හැරයාම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් විශේෂ නියෝගයක් නිකුත්කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ නියෝගය නිකුත්කරනු ලැබුවා.

මරණ තර්ජන සහ බලපෑම් ඇති බව පවසමින් මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජා පසුගිය 23 වනදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසම වෙත යොමුකර තිබුණා.

අනතුරුව ඔහු ඊට පසුදින එනම් 24 වනදා විදේශ ගතව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

විදෙස් ගතවීමට පෙර ඔහු සිය මෝටර් රථය ද විකුණා දමා ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?