AFC Banner
Empty Ad
Empty Ad

දියණිය කෙලෙසූ කොස්තාපල් බරපතල වැඩ සහිතව සිපිරි ගෙට

වයස අවුරුදු 08ක තම දියණියට බරපතල ලිංගික අපරාධයක් සිදුකළ බව කියන හිටපු පොලිස් කොස්තපල්වරයෙකුට වසර 12ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් පැනවීමට ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (21) නියෝග කළා.

මෙලෙස දඬුවම් නියම වුණේ ආණමඩුව පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට බවයි වාර්තා වුණේ.

ඔහු නවගත්තේගම – මුල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

සැකකරු විසින් තම මිණිබිරියව බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට මිත්තණියක් විසින් 2020 වසරේ පෙබරවාරි මස 25 වනදා නවගත්තේගම පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ආණමඩුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර සැකකාර පොලිස් කොස්තාපල්ගේ සේවය අත්හිටුවීමට ද පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබුණා.

සැකකරුට එරෙහිව පනවා තිබූ නඩුව ඊයේ (21) ආණමඩුව මහේස්ත්‍රාත් අධීකරණයේ දී කැඳ වූ අවස්ථාවේ ඔහුට එරෙහිව එල්ල කර තිබූ චෝදනාවලට වැරදිකරු බවට ඔප්පුවීමෙන් පසු අදාළ දඬුවම් නියම කිරීමට මහේස්ත්‍රාත්වරිය කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
13
+1
22
+1
7
+1
6
+1
5
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?