ආයෝජකයන් සහ කර්මාන්තකරුවන් අධෛර්යමත් වීමට හේතුවක් ගැන අනාවරණයක්

මෙරට නිශ්චිත ස්ථිර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම ආයෝජකයන් මෙන්ම කර්මාන්තකරුවන් අධෛර්යමත් වීමට හේතුවක් වන බව රජයේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ගැසට් පත්‍ර ත්‍රිත්වයක නියෝග රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සාකච්ඡාවට ගනු ලැබූ අවස්ථාවේදීයි කමිටු සභාපතිවරයා මේ බව කියාසිටියේ.

1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ අංක 2336/72 දරන ගැසට් පත්‍රයේ පළකර ඇති නියමය පිළිබදව මෙහිදී අවධානය යොමු කෙරුණා. සබන් නිෂ්පාදනය සදහා මෙරටට ‘සෝප් නූඩ්ල්ස්’ (soap noodles) ‍ආනයනය කරන බවත් ඊට අමතරව සමාගම් කිහිපයක් පමණක් පාම් තෙල් මේද අම්ල ගෙන්වා සෝප් නූඩ්ල්ස් නිෂ්පාදනය කරන බව මෙහිදී අනාවරණය වී තිබෙනවා.

නමුත් මෙරටට පාම් මේද අම්ල ආනයනයේදී 24%ක නව රේගු බද්දක් අය කිරීම නිසා සබන් නිෂ්පාදන සමාගම් කිහිපයක් පමණක් පාම් තෙල් අම්ල වෙනුවට දැනට බදු පහළ අගයක පවතින පාමිටික් හා ලෝරික් යන අම්ල ආදේශක ලෙස ගෙන්වා සෝප් නූඩල්ස් නිෂ්පාදනය කරන බවයි නිලධාරීන් සඳහන් කළේ.

මෙම තත්ත්වය තුළ කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශය මත වෙළදපොළ තුළ මිල සමානතාවක් පවත්වාගෙන යෑමටත්, රජයට බදු ආදායම අහිමි වීම වැළැක්වීමටත් මෙම ආදේශක අම්ල ද්විත්වයට 29%ක නව බද්දක් පැනවීම මෙම නියෝගය මගින් සිදුවන බව පෙන්වා දී තිබෙනවා. මෙම අම්ල වර්ග රබර් කර්මාන්තය සඳහා ද යොදා ගන්නා බැවින් සබන් සඳහා යොදා ගන්නා අම්ල සඳහා නව HS කේත ද්විත්යක් ද නිර්මාණය කර ඇති බවයි ප්‍රකාශ කෙරුනේ.

මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ යම් සමාගමක් හෝ දෙකක් ඉලක්ක කර ගනිමින් ඔවුන් තාක්ෂණය සදහා ආයෝජනය කර ඇති පසුබිමක මෙසේ බදු පැනවීම කෙතරම් දුරට යුක්ති සහගතද යන්නයි. එය කර්මාන්තයේ තාක්ෂණික කාර්යක්ෂමතාවට බදු පැනවීමක් ද යන්න පිළිබදවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. මෙරට නිශ්චිත ස්ථිර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර තිබෙනවා. එබැවින් මෙම නව බදු පැනවීමේ පදනම සහ නිශ්චිතවම අපේක්ෂිත අරමුණු සහ එහි බලපෑම සදහන් කරමින් වාර්තාවක් ලබන 22 වනදා වන විට ලබා දෙන ලෙසටයි මුදල් සහ කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කෙරුණේ.

1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ අංක 2341/64 ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමය පිළිබදව ද මෙහිදී අවධානය යොමු වුණා. මුද්‍රණ කර්මාන්තය සදහා අවශ්‍ය මෙරට තින්ත නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය සඳහා 2021 වසරේදී 15%ක රේගු බද්දක් පැනවීම නිසා තීන්ත ආනයනයට යන වියදමට වඩා මෙරට නිෂ්පාදන වියදම වැඩිවීම සිදුවී ඇති බව නිලධාරීන් සඳහන් කළා.

එම තත්ත්වය තුළ තරගකාරී මිලක් පවත්වා ගැනීමට නොහැකිවීම පිළිබද නිලධාරීන් කරුණු පෙන්වා දෙනු ලැබුවා. ඒ අනුව දේශීය මුද්‍රණ තීන්ත නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම බද්ද 5% දක්වා අඩු කිරීමට මෙම නියෝගය නිකුත් කළ බවයි මෙහිදී අනාවරණය වූයේ. මෙමගින් රජයට අහිමිවන බදු මුදල පිළිබදව කමිටුව විසින් විමසා තිබෙනවා. ඒ අනුව 1.5%ක ආදායමක් එනම් මසකට රුපියල් ලක්ෂ 4.5ක අදායමක් අහිමි වන බවයි නිලධාරින් සඳහන් කළේ. මෙවැනි සුළු බදු මුදල් වෙනසකට බදු ප්‍රතිපත්තියේ ස්ථාවර බව වෙනස් කිරීම කොතරම් දුරට සාධාරණද යන්න කමිටුව ප්‍රශ්න කෙරුණා. කෙසේ වෙතත් ඊට අදාළ අනුමතිය ලබා දීම ද සිදු වුණා.

නිෂ්පාදන අමුද්‍රව්‍ය රේගු බද්දෙන් නිදහස් කිරීම සඳහා පසුගිය අයවැයෙන් තීරණය කළ පරිදි එම ප්‍රතිපත්තියට අනුව කටයුතු කරන බවයි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කළේ. කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ අනුව සත්භාවයෙන් යුතුව දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කර ගැනීමට මෙවැනි පියවර ගත්තද ඇතැම් විට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු පමණක් විශාල ලාභ ලැබීමත් පාරිභෝගියාට එහි වාසිය නොලැබීමත් පසුගිය කාලයේ දක්නට ලැබුණු බැවින් මේ පිළිබදව සැලකිලිමත් විය යුතු බව ද කමිටුව විසින් පෙන්වා දෙනු ලැබුවා.

රේගු ආඥා පනතේ 107(අ) වගන්තිය අනුව අංක 2329/46 දරන ගැසට් පත්‍රයේ ඇතුළත් කළ නියෝග පිළිබදව ද අවධානය යොමු වුණා. විගමනික ශ්‍රමිකයන්ට නීත්‍යනුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම දිරි ගැන්වීමේ අරමුණින් ඔවුන් නැවත මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් මිලදී ගනු ලබන භාණ්ඩ සඳහා ඔවුන් විසින් එවන ලද විදේශ විනිමය ප්‍රේශන ප්‍රමාණය මත පදනම්ව අතිරේක තීරු බදු දීමනාවක් ලබා දීම මෙමගින් සිදු වනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇති අතර ජංගම දුරකථන යෙදවුමක් ද භාවිතා කිරීම සිදුවන බවයි විදේශ හා කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා මේ සම්බන්ධව කරුණු දක්වමින් කියාසිටියේ.

මෙහිදී කමිටු සභාපතිවරයා කරුණු පෙන්වා දුන්නේ මෙහි අරමුණ යහපත් වුවද අඩු ආදායමක් සහිත කෙනෙකුට වඩා වැඩි ආදායමක් සහිත කෙනෙකුට හිමිවන බදු සහනයේ විශාල වෙනසක් පවතින බවයි. එබැවින් මෙහිදී යම් අසාධාරණයක් පෙන්නුම් කරන බැවින් මේ පිළිබදව නැවත සළකා බලන ලෙස ද කාරක සභාව උපදෙස් ලබා දීම සිදු කරනු ලැබුවා.

රජයේ මුදල් පිළිබද කාරක සභාව ලබා‍ දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබද පසුවිපරම් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා වුණා. මේ අනුව දැනට ලබා දී ඇති නිර්දේශ අදාළ කාල රාමුව තුළ ක්‍රියාත්මක කර නොමැති ආයතන සහ පාර්ශ්වයන් කාරක සභාව හමුවට කැඳවීමටත් මෙහිදී තීරණය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44
Video thumbnail
මේ කාන්තාවන් කල්ලිය දුටු තැන ප්‍රවේශම්වන්න.. - පන්සල්වලට පැනලා දානේ ගේන භාජන ටිකත් උස්සන් ගිහින්
02:14