AFC Banner
Empty Ad
Empty Ad

‘බුදුපිළිම කිහිපයක’ සිරස කඩා දමලා

කුලියාපිටිය රත්මලේවත්ත ප‍්‍රදේශයේ බොහෝ දෙනකුගේ වන්දනාවට පාත‍්‍ර වන නුග බෝධිය අසල බුදුපිළිම කිහිපයක සිරස කඩාදමා තිබූ බව ගම්වාසීහු ඊයේ (18) කළ දැනුම්දීම අනුව වහා ක‍්‍රියාත්මක වූ පොලිසිය එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ඉන්දීය ජාතිකයෙකු වනවා. තමන් මල්පහන් පූජාකොට නික්ම ගිය පසු සැකකටයුතු පුද්ගලයා ඒ අසල රැඳී සිටි බව පෙරේදා (17) රාත‍්‍රියේ මල්පහන් පූජාවට පැමිණ තිබූ කාන්තාවක් පොලිසිය හමුවේ සඳහන් කර තිබෙනවා. එමෙන්ම බුද්ධ ප‍්‍රතිමාව ඉදිරිපිට නිවැසි කාන්තාවද පැවසූයේ අලූයම තමන් පැමිණෙන විට විශාල බුදු පිළිමය ඇද දමා සෙසු බුදු පිළිම කඩා ඉවත්කර තිබූ බවයි.

අසළ තිබූ දේව ප‍්‍රතිමාවලට හානිකොට නොතිබූ බවද පොලිසිය එහිදී නිරීක්‍ෂණය කර තිබුණා. අදාළ ඉන්දීය ජාතික සැකකරුගේ බිරිඳ ද පොලිසිය හමුවේ කියා සිටියේ සිය ස්වාමියා නිවසට පැමිණ නිදි නොමැතිව අලූයම 2.00 වන තුරු සිට දුම්වැටියක් දල්වා ගැනීමට ගිනිපෙට්ටියක් ඉල්ලා සිටි බවයි. තමන් එය ප‍්‍රතික්ෂේප කළ නිසා ගිනිපෙට්ටියක් සොයා නිවස අසල ඇති එම ස්ථානයට යන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එම අවස්ථාවේ තවත් දෙදෙනෙකු සිට ඇති බවට තමන්ට තොරතුරු ලද බවත් ඇය සඳහන් කර තිබෙනවා. සිය ස්වාමියා වීසා ලබා මෙරට වාසය කරන බවද වැඩිදුරටත් පැවසූ ඇය, ස්වාමියා මතට දැඩිව ඇබ්බැහි වී ඇති අයෙක් බවද සඳහන් කර තිබුණා.

එම ස්ථානයට වහා පැමිණි කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එතැන රැස්ව සිටි ජනතාව අමතමින් ඉල්ලා සිටියේ මේ අවස්ථාවේ සන්සුන්ව කටයුතු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?