‘බුදුපිළිම කිහිපයක’ සිරස කඩා දමලා

කුලියාපිටිය රත්මලේවත්ත ප‍්‍රදේශයේ බොහෝ දෙනකුගේ වන්දනාවට පාත‍්‍ර වන නුග බෝධිය අසල බුදුපිළිම කිහිපයක සිරස කඩාදමා තිබූ බව ගම්වාසීහු ඊයේ (18) කළ දැනුම්දීම අනුව වහා ක‍්‍රියාත්මක වූ පොලිසිය එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ඉන්දීය ජාතිකයෙකු වනවා. තමන් මල්පහන් පූජාකොට නික්ම ගිය පසු සැකකටයුතු පුද්ගලයා ඒ අසල රැඳී සිටි බව පෙරේදා (17) රාත‍්‍රියේ මල්පහන් පූජාවට පැමිණ තිබූ කාන්තාවක් පොලිසිය හමුවේ සඳහන් කර තිබෙනවා. එමෙන්ම බුද්ධ ප‍්‍රතිමාව ඉදිරිපිට නිවැසි කාන්තාවද පැවසූයේ අලූයම තමන් පැමිණෙන විට විශාල බුදු පිළිමය ඇද දමා සෙසු බුදු පිළිම කඩා ඉවත්කර තිබූ බවයි.

අසළ තිබූ දේව ප‍්‍රතිමාවලට හානිකොට නොතිබූ බවද පොලිසිය එහිදී නිරීක්‍ෂණය කර තිබුණා. අදාළ ඉන්දීය ජාතික සැකකරුගේ බිරිඳ ද පොලිසිය හමුවේ කියා සිටියේ සිය ස්වාමියා නිවසට පැමිණ නිදි නොමැතිව අලූයම 2.00 වන තුරු සිට දුම්වැටියක් දල්වා ගැනීමට ගිනිපෙට්ටියක් ඉල්ලා සිටි බවයි. තමන් එය ප‍්‍රතික්ෂේප කළ නිසා ගිනිපෙට්ටියක් සොයා නිවස අසල ඇති එම ස්ථානයට යන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එම අවස්ථාවේ තවත් දෙදෙනෙකු සිට ඇති බවට තමන්ට තොරතුරු ලද බවත් ඇය සඳහන් කර තිබෙනවා. සිය ස්වාමියා වීසා ලබා මෙරට වාසය කරන බවද වැඩිදුරටත් පැවසූ ඇය, ස්වාමියා මතට දැඩිව ඇබ්බැහි වී ඇති අයෙක් බවද සඳහන් කර තිබුණා.

එම ස්ථානයට වහා පැමිණි කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා එතැන රැස්ව සිටි ජනතාව අමතමින් ඉල්ලා සිටියේ මේ අවස්ථාවේ සන්සුන්ව කටයුතු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09