ශ්‍රී ලාංකිකයෙකුට විදෙස් රටකදී ලොතරැයියක සුපිරි ජයක්

අබුඩාබි බිග් ටිකට් (Abu Dhabi Big Ticket) හි නවතම දිනුම් ඇදීමෙන් ශ්‍රී ලාංකිකයෙකු ඩිරාම් මිලියන 20ක ත්‍යාගයක් ජයග්‍රහණය කර තිබෙනවා.

අදාළ ලොතරැයියේ 255 දිනුම් වාරයේ ජයග්‍රාහකයා ලෙස තුරෙයිලිංගම් ප්‍රභාගර් (Thurailingam Prabagar) නම් මෙම ශ්‍රී ලාංකිකයා සුපිරි ත්‍යාගයේ හිමිකරු බවට පත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුරෙයිලිංගම් මීට වසර 16 කට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණි අයෙක් වන අතර ඔහු දැනට ඩුබායි හි වැලට් සේවා සමාගමක අධීක්ෂකවරයෙකු ලෙස රැකියාවේ නිරත වෙමින් සිටිනවා.

ඔහු පසුගිය අගෝස්තු මස අවසාන සතියේ අදාළ ලොතරැයියේ ප්‍රවර්ධන වැඩසටහනක් මගින් ඔහුගේ ජයග්‍රාහී ටිකට්පත අන්තර්ජාලය හරහා මිලදී ගෙන තිබුණා.

එම ප්‍රවර්ධන වැඩසටහන වී ඇත්තේ ලොතරැයි දෙකක් මිලදී ගත් විට තවත් දෙකක් නොමිලේ ලබාදීමයි.

මෙම ශ්‍රී ලාංකිකයා අබුඩාබිහි සිය මිතුරන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ පසුගිය වසර පහ පුරා මෙම ලොතරැයි මිලදී ගෙන ඇති අතර ජයග්‍රහණයෙන් පසුව ද එය අඛණ්ඩව මිලදී ගැනීමටයි ඔහු සැලසුම් කර ඇත්තේ.

තුරෙයිලිංගම් ප්‍රභාගර්ගේ විශාල ජයග්‍රහණය ගැන ඔහුගේ ළමා කාලයේ සිට මේ දක්වා සිටින මිතුරාගෙන් විමසූ විට ප්‍රකාශ කර ඇත්තේ මෙම ජයග්‍රහණය විශාල කම්පනයක් ඇති කළ බවයි. තවමත් කම්පනයෙන් මිදී නොමැති අතර මෙම ජයග්‍රහණය තම ජීවිත වෙනස් කරනු ඇතැයි විශ්වාස කරන බව මිතුරා ප්‍රකාශ කර තිබෙනවා.

ඩිරාම් මිලියන 2ක ජයග්‍රාහී මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් 176,208,901ක් පමණ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
1
+1
18
+1
9
+1
2
+1
2
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32