ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අද ගඩාෆි පිටියේ තීරණාත්මක ගැටුමක

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට සහ ඇෆ්ගනිස්ථානයට තීරණාත්මක තරගයක් අද (05) ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙනවා.

ශ්‍රී ලංකාවට සුපිරි හතර වටයට පිවිසීමට නම් දෙරට අතර පැවැත්වෙන මෙම තරගය ජයගැනීම අනිවාර්ය වනවා.

එමෙන්ම ඇෆ්ගනිස්ථානයට මෙවර තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයට පිවිසීමට නම් අද තරගය ඉහළ දළ ලකුණු වේගයකින් ජයගැනීම අනිවාර්යයි.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන ‘B’ කාණ්ඩයෙන් සුපිරි හතරදෙනාගේ වටයට මේ වනවිට බංග්ලාදේශය සුදුසුකම් ලබා සිටිනවා.

ඒ, ඔවුන් සහභාගී වූ තරග දෙකෙන් එක් තරගයක් ජයගෙන +0.373ක දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමින්.

කෙසේ වෙතත් එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවන්නේ +0.951ක දළ ලකුණු වේගයක් ද සමඟින්.

මේ අතර මෙවර තරගාවලියේ ‘A’ කාණ්ඩයෙන් පාකිස්ථානය සහ ඉන්දියාව සුපිරි 04 වටයේ සිය ස්ථානයන් මේ වනවිට තහවුරු කරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01
Video thumbnail
"කෝච්චිය ළඟටම එනකල් දැක්කේ නෑ" - ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ බිගිසුණු අනතුර
04:00
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25
Video thumbnail
වැඩිහිටි නිවාසයේ රාජකාරිය කළ පුද්ගලයෙක් සිදුවූ සියල්ල එළියට දායි - "ගින්න ඇතිවුණේ මෙට්ට ටිකෙන්"
01:18
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි - "අනේ මට යන්න බෑ..මාව බේරගන්න.."
02:32
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31