අනුරාධපුර – යාපනය ප්‍රධාන මාර්ගයේ, රඹෑව ප්‍රදේශයේ දී අද (10) උදෑසන සිදු වූ බස් රථ අනතුරින් පුද්ගලයින් පස්දෙනෙක් තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළා.
මේ අතර තුවාලකරුවන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති අතර, තුවාලකරුවන් 50 දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.
ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර, තුවාලකරුවන් අනුරාධපුර සහ මැදවච්චිය යන රෝහල් වෙත ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ.
