වෙඩි වැදුණු බවට සැක වන අලියෙක් පැරකුම්පුර වෙල්යායක වැටිලා

මැදිරිගිරිය, පැරකුම්පුර ප්‍රදේශයේ කුඹුරු යායක වන අලියෙක් වැටී සිටින බව දසත නිවුස් වාර්තාකරු සඳහන් කළා.

අද (10) අලුයම් කාලයේ එම ප්‍රදේශයට පැමිණ ඇති මෙම වන අලියා කුඹුරු යාය මැද වැටී සිටිනු දැක ඒ පිළිබඳව වනජීවී නිලධාරීන්ට දැනුම්දීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණා.

වයස අවුරුදු 10ක් පමණ වන මෙම සත්වයාගේ ඉදිරි පාදයකට වෙඩි වැදී ඇති බවටයි සැකපළ කරන්නේ.

මෙම සත්වයාට ප්‍රතිකාර කිරීම සඳහා ගිරතලේ පශුවෛද්‍ය කාර්යාලයේ වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන් පැමිණෙන බවට දැනුම්දීමක් කර ඇති බවයි දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.