spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අද ගඩාෆි පිටියේ තීරණාත්මක ගැටුමක

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට සහ ඇෆ්ගනිස්ථානයට තීරණාත්මක තරගයක් අද (05) ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙනවා.

ශ්‍රී ලංකාවට සුපිරි හතර වටයට පිවිසීමට නම් දෙරට අතර පැවැත්වෙන මෙම තරගය ජයගැනීම අනිවාර්ය වනවා.

එමෙන්ම ඇෆ්ගනිස්ථානයට මෙවර තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයට පිවිසීමට නම් අද තරගය ඉහළ දළ ලකුණු වේගයකින් ජයගැනීම අනිවාර්යයි.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන ‘B’ කාණ්ඩයෙන් සුපිරි හතරදෙනාගේ වටයට මේ වනවිට බංග්ලාදේශය සුදුසුකම් ලබා සිටිනවා.

ඒ, ඔවුන් සහභාගී වූ තරග දෙකෙන් එක් තරගයක් ජයගෙන +0.373ක දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමින්.

කෙසේ වෙතත් එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවන්නේ +0.951ක දළ ලකුණු වේගයක් ද සමඟින්.

මේ අතර මෙවර තරගාවලියේ ‘A’ කාණ්ඩයෙන් පාකිස්ථානය සහ ඉන්දියාව සුපිරි 04 වටයේ සිය ස්ථානයන් මේ වනවිට තහවුරු කරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?