හැටන් සිට මහවැලි ගඟට ජලය ගලා බසිනා හැටන් ඔයේ සැඩ පහරට හසුව ඊයේ (09) කුඩා ලොරි රථයක් ගසාගෙන ගොස් තිබුණා.
එලෙස ගසාගෙන ගොස් තිබූ ලොරි රථය හැටන් ඔය හරහා වැටී තිබූ ගසක සිර වී තිබිය දී එහි හිමිකරු විසින් අද (10) උදෑසන සොයාගෙන තිබෙනවා.
හැටන් ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන් රොතැස් ප්රදේශයේ ගාල්කර තිබූ ලොරි රථයක් මෙලෙස ජල පහරට හසුව ගසාගෙන ගොස් තිබුණේ ඊයේ (09) පස්වරු කාලයේ දීයි.
මේ අතර හැටන්ඔය පිටාර ගැලීමෙන් රොතැස් ප්රදේශයේ පහත්බිම්වල පිහිටි නිවාස 50ක් පමණ ජලයෙන් යට වූ බවයි වාර්තා වුණේ.
