Empty Ad
AFC Banner
AFC Banner

අසල්වැසි මිතුරා සමඟ ඇතිවූ ආරවුල මරණය මිතුරාට ඉතිරි කරයි

ලිඳුල පොලිස්‌ වසමේ වලහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොල්ලකින්‌ පහරදීම හේතුවෙන්‌ ලිඳුල රෝහල වෙත ඇතුලත්‌ කර ඇති බවට ලද පණිවිඩයක්‌ අනුව ලිඳුල පොලිසිය මගින්‌ විමර්ශනයක්‌ ආරම්භ කර නිබුණි.

තුවාලකරු ලිඳුල රෝහලෙන්‌ වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහල වෙත මාරුකර යවා ඇති අතර එහි ප්‍රතිකාර ලබමින්‌ සිටියදී ඊයේ දින උදෑසන මියගොස්‌ තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 41 ක්‌ වන වලහවත්ත, ලිඳුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු හා අසල්වැසි නිවසක පුද්ගලයෙකු අතර ඇතිවූ ආරවුලක්‌ හේතුවෙන්‌ එම පුද්ගලයා විසින්‌ පොල්ලකින්‌ පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය නුවරඑළිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර ඇත.

සැකකරු අත්‌අඩංගුවට ගැනීම සඳහා ලිඳුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?