වර්ජනයක් නිසා දුම්රිය ගමන් කිහිපයක් ප්‍රමාද වෙයි

අද පස්වරුවේ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය 6ක් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

විදුලි කාර්මිකයින් පිරිසක් ඊයේ පස්වරුවේ සිට ආරම්භ කර ඇති හදිසි වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙනුයි මෙම දුම්රිය ප්‍රමාදය සිදුවන්නේ.

දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය විදුලි කාර්මිකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් විදුලි කාර්මිකයන් පිරිස මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ආරම්භ කර තිබෙනවා.

මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙක් සහ දුම්රිය විදුලි කාර්මික ශිල්පියෙක් අතර පෙරේදා (22) සිදුවූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුලි කාර්මික ශිල්පියා නිදහස් කරන ලෙස ඉල්ලමින් විදුලි කාර්මික ශිල්පීන් තව දුරටත් වර්ජනය ක්‍රියාත්මක කරන බව සඳහන්.

මෙම තත්වය හේතුවෙන් මාළිගාවත්ත දුම්රිය අංගනයෙන් පස්වරුවේ දුම්රිය පිටතට ගැනීම සහ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කිරීම ගැටලුවක් බවට පත්ව ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00