AFC Banner
Empty Ad
Empty Ad

කථානායකගෙන් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට දැනුම් දීමක්

පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදු කරනු ලබන තර්ජනය කිරීම්, පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන්ගෙන් වැළකී සිටින ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.

සභා ගර්භය තුළ සභාවේ වැඩකටයුතු කරගෙන යාමේදී සහ ඇතැම් අවස්ථාවල සභා ගර්භයෙන් පිටතදීත් ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදු කරනු ලබන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන් සභාවේ ගරුත්වයට නොගැලපෙන හා සුදුසු නොවන බවටයි කථානායකවරයා දැනුම් දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සභාවේ අවධානයට යොමු කරන බව කථානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

විශේෂයෙන් සභාවේ වැඩ කටයුතු පවත්වා‍ගෙන යාමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, පරිචයන් සහ ක්‍රියාදාමයන්ට අනුකූලව එම කටයුතු ස්වාධීන හා අපක්ෂපාතී ආකාරයෙන් මෙහෙයවීමට කථානායකවරයාට / මූලාසනයට උපදෙස් ලබාදීමේ සහ සහායවීමේ නිලධාරීන් වශයෙන් ව්‍යවස්ථානුකූලව සිය වගකීම ඉටුකිරීමට බලපෑමක් මෙවැනි කටයුතු හරහා විය හැකි බවයි නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළේය.

එබැවින් එලෙස පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදු කරනු ලබන තර්ජනය කිරීම්, පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන්ගෙන් වැළකී සිටින මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට කාරුණිකව දැනුම් දෙන බවද එම නිවේදනයේ සඳහන්.

නිලධාරීන් පිළිබඳ එවැනි චෝදනා ඇත්නම් ඒවා කථානායකවරයා වෙත යොමු කරන ලෙස නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37

?