කථානායකගෙන් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට දැනුම් දීමක්

පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදු කරනු ලබන තර්ජනය කිරීම්, පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන්ගෙන් වැළකී සිටින ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.

සභා ගර්භය තුළ සභාවේ වැඩකටයුතු කරගෙන යාමේදී සහ ඇතැම් අවස්ථාවල සභා ගර්භයෙන් පිටතදීත් ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදු කරනු ලබන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන් සභාවේ ගරුත්වයට නොගැලපෙන හා සුදුසු නොවන බවටයි කථානායකවරයා දැනුම් දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සභාවේ අවධානයට යොමු කරන බව කථානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

විශේෂයෙන් සභාවේ වැඩ කටයුතු පවත්වා‍ගෙන යාමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, පරිචයන් සහ ක්‍රියාදාමයන්ට අනුකූලව එම කටයුතු ස්වාධීන හා අපක්ෂපාතී ආකාරයෙන් මෙහෙයවීමට කථානායකවරයාට / මූලාසනයට උපදෙස් ලබාදීමේ සහ සහායවීමේ නිලධාරීන් වශයෙන් ව්‍යවස්ථානුකූලව සිය වගකීම ඉටුකිරීමට බලපෑමක් මෙවැනි කටයුතු හරහා විය හැකි බවයි නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළේය.

එබැවින් එලෙස පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදු කරනු ලබන තර්ජනය කිරීම්, පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන්ගෙන් වැළකී සිටින මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට කාරුණිකව දැනුම් දෙන බවද එම නිවේදනයේ සඳහන්.

නිලධාරීන් පිළිබඳ එවැනි චෝදනා ඇත්නම් ඒවා කථානායකවරයා වෙත යොමු කරන ලෙස නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32