බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මුලතිවු දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක අද (21) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-45 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
+1
+1