හිතුවක්කාර විවාහයක් කරගත් දියණියව ඝාතනය කළ මව්පිය යුවළ

පවුලේ අකමැත්තෙන් වෙනත් කුලයක පිරිමියෙකු සමඟ විවාහ වූ තරුණියක් ඇයගේ දෙමාපියන් සහ සහෝදරයා විසින් ගෙළ සිරකර මරා දැමූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකාර මව්පිය යුවළ සහ සහෝදරයා ඊයේ ජජ්ජර් ප්‍රදේශයේ ඔවුන් පදිංචිව සිටි ගම්මානයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනය ලක්වූ තරුණිය 22 හැවිරිදි වියේ පසුවන අංජලී නැමැති තැනැත්තියක් වන අතර, ඇය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ඇය පදිංචිව සිටි ගමේම තරුණයෙකු වන සන්දීප් සමඟ විවාහ වී තිබෙනවා.

සිය බිරිඳ වන අංජලී පසුගිය බ්‍රහස්පතින්දා නිවසින් පිටතට ගොස් සිටියදී ඇගේ දෙමාපියන් සහ සහෝදරයා විසින් ඇයව ඝාතනය කර සාක්ෂි විනාශ කිරීමේ උත්සාහයක් ලෙස ඇගේ දේහය ඔවුන්ගේ උපන් ගමේ ආදාහනය කර ඇති බව සන්දීප් පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

බ්‍රහස්පතින්දා දහවල් 1.00ට පමණ, මිතුරෙකු විසන් සන්දීප්ට කතා කර පවසා ඇත්තේ, අංජලී මියගොස් ඇති බවත් ඇගේ පවුලේ සාමාජිකයින් ඇගේ අවසන් කටයුතු සූර්හේටි ගමේ සිදුකරන බවයි.

ඉන් අනතුරුව සන්දීප් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කළා.

එම විවාහයට මව්පියන් සහ තමන්ගේ කැමැත්තක් නොතිබීම හේතුවෙන් තම සහෝදරිය මෙලෙස ඝාතනය කිරීමට තිදෙනාම එක්ව කටයුතු කළ බවයි ඝාතනයට ලක් වූ අංජලීගේ, 20 හැවිරිදි සහෝදරයා පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42