AFC Banner
Empty Ad
Empty Ad

ජාතික හැඳුනුම්පත වෙනස් වෙන හැටි මෙන්න

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය වසර දෙකක් ඇතුළත අවසන් කරන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී  තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ වයස අවුරුදු 15ට වැඩි සියලුම පුද්ගලයන් යළි ලියාපදිංචි කෙරෙන අතර ලියාපදිංචි කිරීමේ දී දැනට ලබා ගන්නා ජීව දත්තවලට අමතරව ඇඟිලි සලකුණු, මුහුණේ විශේෂතා වැනි ජීව මිථික දත්ත ද ලබා ගැනෙන බවයි සඳහන්.

මෙය (SLUDI) ”sri lanka unique digital ID” ලෙසින් හැඳින්වෙන බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙම ව්‍යාපෘතියට අදාළව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව වැනි ආයතන ඒකාබද්ධ වන බවද සඳහන්. ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු මෙම ඕනෑම ආයතනයකට ඇතුළත් වීමේ දී පුද්ගලයකුගේ ඇඟිලි සලකුණෙන් පමණක් ඔහු හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම දෙපාර්තමේන්තුව මේ වන විට ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයා යටතේ පවතින තාක්ෂණ අමාත්‍යාංශය යටතේ බැවින් ජනාධිපතිවරයාගේ දැඩි අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වියානි ගුණතිල අදහස් දක්වමින් කියා සිටියේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?