ජාතික හැඳුනුම්පත වෙනස් වෙන හැටි මෙන්න

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය වසර දෙකක් ඇතුළත අවසන් කරන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී  තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ වයස අවුරුදු 15ට වැඩි සියලුම පුද්ගලයන් යළි ලියාපදිංචි කෙරෙන අතර ලියාපදිංචි කිරීමේ දී දැනට ලබා ගන්නා ජීව දත්තවලට අමතරව ඇඟිලි සලකුණු, මුහුණේ විශේෂතා වැනි ජීව මිථික දත්ත ද ලබා ගැනෙන බවයි සඳහන්.

මෙය (SLUDI) ”sri lanka unique digital ID” ලෙසින් හැඳින්වෙන බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙම ව්‍යාපෘතියට අදාළව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව වැනි ආයතන ඒකාබද්ධ වන බවද සඳහන්. ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු මෙම ඕනෑම ආයතනයකට ඇතුළත් වීමේ දී පුද්ගලයකුගේ ඇඟිලි සලකුණෙන් පමණක් ඔහු හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම දෙපාර්තමේන්තුව මේ වන විට ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයා යටතේ පවතින තාක්ෂණ අමාත්‍යාංශය යටතේ බැවින් ජනාධිපතිවරයාගේ දැඩි අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වියානි ගුණතිල අදහස් දක්වමින් කියා සිටියේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09