සෞදි අරාබියේ රියාද් නුවර වෙත සිදුකරන ගුවන් ගමන් ලබන 18 වනදා දක්වා තවකාලිකව නවතා දැමීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.
එම සමාගම ඊයේ (09) නිවේදනය කළේ හෙට (11) දිනය දක්වා රියාද් නුවර වෙත සිදුකරන සියලුම ගුවන් ගමන් නවතා දමන බවයි .
කෙසේ වෙතත් අද (10) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලන්කන් ගුවන් සමාගම, එම කාලය ලබන 18 වනදා දක්වා තව දුරටත් දීර්ඝ කර තිබෙනවා.
රියාද් ගුවන් තොටුපළට බලපෑ මෑතකාලීන ආරක්ෂක සිදුවීම සහ දැනට සිදු කෙරෙමින් පවතින ආරක්ෂක මෙහෙයුම් ඇගයීම් සැලකිල්ලට ගනිමින් මෙලෙස සෞදි අරාබියේ රියාද් වෙත සිදු කෙරෙන සියලුම ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීමටයි කටයුතු කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 1979 හෝ 011 777 1979 / WhatsApp 074 444 1979 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වන ලෙසයි ගුවන් මගීන්ට එම ආයතනය දැනුම් දෙන්නේ.
එසේ නොමැති නම් ඔබේ සංචාරක නියෝජිතයා හරහා හෝ www.srilankan.com වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරැ දැනගැනීමේ හැකියාව පවතිනවා.
.










