තිරුමාලා කෝවිල වඳින්න ගිය 06 හැවිරිදි දැරිය දිවියෙකුගේ ගොදුරක්‌ වෙලා

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සුප්‍රසිද්ධ කෝවිලක් වන තිරුමාලා කෝවිල වැඳ පුදා ගැනීමට ගිය හය හැවිරිදි දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ පුවතක් එරට මාධ්‍ය වාර්තා කරනවා.

දැරිය තිරුමාලා කෝවිල වෙත යන මාර්ගයේ දී දිවියෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සිකුරාදා සවස ලක්ෂිතා නැමැති මෙම කුඩා දැරිය සිය දෙමාපියන් සමඟ කෝවිල වෙත ගොස් ඇති අතර, දැරිය ගමන් කරමින් සිය ඇත්තේ මව්පියන්ට වඩා මඳක් ඉදිරියෙන් බවයි වාර්තා වුණේ.

පසුව ඇයගේ මව්පියන් විසින් දැරිය අතුරුදන් බවට දැනගැනීමත් පසු ඇයව සෙවීම ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී මෙම කඳුකර පුදබිමට පිවිසෙන මාර්ගයේ අසල කැලෑ ප්‍රදේශයක තිබී දැරියගේ සිරුර ඊයේ සොයාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එලෙස සොයාගත් දැරියගේ සිරුරේ තිබූ තුවාලවලින් සත්ව ප්‍රහාරයක් පෙන්නුම් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මීට පෙර ද පසුගිය ජුනි මාසයේදී තුන් හැවිරිදි පිරිමි දරුවෙක් මෙම මාර්ගයේ දී දිවියන්ගේ ප්‍රහාරයට ලක් ඇති අතර, වාසනාවකට ඔහුට දිවි බේරාගැනීමට හැකිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42