AFC Banner
Empty Ad
Empty Ad

මුලතිව් කැලෑවකින් එල්.ටී.ටී.ඊ. බෝම්බ තොගයක් සොයාගනියි

මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමට අයත් ඉරණපලෙයි ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් බෝම්බ තොගයක් ඊයේ (15) දින සොයාගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර් ය බලකා කඳවුර පවසයි.

කිලිනොච්චිය පොලිස් විශේෂ කාර් ය බලකා කඳවුරට රාජ්‍ය බුද්ධිඅංශයෙන් ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.එල්. ක්‍රිෂාන්ත මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් ඉරණපලෙයි ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල බෝම්බ තොගය පොළවේ වලදමා තිබියදී සොයාගනු ලැබීය.

එහිදී  මිලිමීටර් 60 මොටාර් උණ්ඩ 08ක්, ආගස් 69 වර් ගයේ තඅ්බෝම්බ 04ක්,  එස්.එෆ්.ජී. අත්බෝම්බයක් මෙලෙස සඟවා තිබියදී සොයාගෙන ඇත.

යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජනයන් සඳහා මෙම බෝම්බ තොගය මෙලෙස සඟවා තබන්නට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සැක පල කර සිටියි.

සොයාගත් බෝම්බ තොගයන් නිශ්ක්‍රීය කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පුදුකුඉරිප්පු පොලීසියට භාරදීමට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?