මුලතිව් කැලෑවකින් එල්.ටී.ටී.ඊ. බෝම්බ තොගයක් සොයාගනියි

මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමට අයත් ඉරණපලෙයි ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් බෝම්බ තොගයක් ඊයේ (15) දින සොයාගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර් ය බලකා කඳවුර පවසයි.

කිලිනොච්චිය පොලිස් විශේෂ කාර් ය බලකා කඳවුරට රාජ්‍ය බුද්ධිඅංශයෙන් ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.එල්. ක්‍රිෂාන්ත මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් ඉරණපලෙයි ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල බෝම්බ තොගය පොළවේ වලදමා තිබියදී සොයාගනු ලැබීය.

එහිදී  මිලිමීටර් 60 මොටාර් උණ්ඩ 08ක්, ආගස් 69 වර් ගයේ තඅ්බෝම්බ 04ක්,  එස්.එෆ්.ජී. අත්බෝම්බයක් මෙලෙස සඟවා තිබියදී සොයාගෙන ඇත.

යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජනයන් සඳහා මෙම බෝම්බ තොගය මෙලෙස සඟවා තබන්නට ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සැක පල කර සිටියි.

සොයාගත් බෝම්බ තොගයන් නිශ්ක්‍රීය කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පුදුකුඉරිප්පු පොලීසියට භාරදීමට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09