කච්චතිව් දූපතේ අයිතිය ගැන ඉන්දියාවේ මත ගැටුමක්

1974 වසරේදී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබා දුන්නේ ඉන්දිරා ගාන්ධි රජය බව අගමැති නරේන්ද්‍ර මෝදි චෝදනා කර තිබෙනවා.

රජයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනා විවාදයට එක්වෙමින් ඉන්දියාව දෙකඩ කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා කොංග්‍රස් පක්ෂයට දොස් පැවරූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

නරේන්ද්‍ර මෝදි පෙන්වා දී ඇත්තේ ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාව අතර පිහිටා ඇති මෙම දූපත සම්ප්‍රදායිකව ශ්‍රී ලාංකික සහ ඉන්දීය ධීවරයින් විසින් භාවිතා කරන ලද බවයි.

1974 වසරේදී එවකට අගමැතිනි වූ ඉන්දිරා ගාන්ධි “ඉන්දු-ශ්‍රී ලංකා සමුද්‍ර ගිවිසුම” යටතේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයත් භූමියක් ලෙසටයි පිළිගනු ලැබුවේ.

විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී කොංග්‍රස් පක්ෂයට දැඩි චෝදනාවක් එල්ල කරමින් ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කළේ එම පක්ෂයේ ප්‍රබලයන් දේශපාලනය සඳහා ඉන්දියාව කොටස් තුනකට බෙදු බවයි.

තමිල්නාඩු රජය කච්චතිව් දුපතේ අයිතිය යළි ඉන්දියාවට ලබා ගන්නා ලෙසට තමාට දිගින් දිගටම ලිඛිතව ඉල්ලා සිටින බව ද අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.

කච්චතිව් යනු තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පිහිටි දූපතක් වන අතර කිසියම් අයෙකු එය වෙනත් රටකට ලබා දුන් අතර එය සිදුවූයේ ඉන්දිරා ගාන්ධිගේ නායකත්වය යටතේ බවටයි අගමැතිවරයා චෝදනා කළේ.

එය අපගේ මව් රට වන ඉන්දියාවේ කොටසක් නොවේද? යනුවෙන් විවාදයේදී කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිගේ ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙස මෝදි සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46