19 හැවිරිදි තරුණියගේ 54 හැවිරිදි පෙම්වතා ගුටි කා මරු දකී

යාපනය, චුන්නාකම් ප්‍රදේශයේ දී පිරිසක් විසින් පහරදි 54 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (07) ඝාතනය කර ඇති බව චුන්නාකම් පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ ඝාතනයට ලක්වූ පුද්ගලයා ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, දින කිහිපයකට පෙර මොහු පෙම්වතිය කැඳවාගෙන වෙනත් ප්‍රදේශයකට ගොස් ඇති බවයි.

එලෙස පෙම්වතිය රැගෙන ගොස් නැවත අදාළ පුද්ගලයා චුන්නාකම් ප්‍රදේශයට පැමිණ ඇති අතර, එහිදි තරුණියගේ ඥාතීන් විසින් ඔහුට සහ තරුණියට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා යාපනය, තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදි එම පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පැවසුවා.

ඥාතීන්ගේ පහර කෑමෙන් 19 හැවිරිදි තරුණිය ද තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ තෙලිප්පලෙයි රෝහල් මෘත ශරීරාගාරයේ දී අද (08) පැවැත්වීමට නියමිතයි.

මියගිය පුද්ගලයා විවාහකයෙකු වන අතර, දරුවන් තිදෙනෙකුගේ පියෙකු ද වනවා.

  1. PODI EKEETA MAARA ATHAL EKAK DENNA ATHI. SEPATA WASANGA WELA YANNA ATHI KANDAMA PASSE YANWA WAGEYI. KOHOMA UNATH NEETHIYEN EKA BAN KARALA NAHE. KELLATA 19YI 18 WADHIYI. EYATA THANI THEERANA GANNA NEETHIYEN NIDAHASA THIYENAWA. NEYONTA DARA GANNA BERI UNATH ATHTHA EKAYI.