කෝරෝනා නීති කැඩූ බස්රථ 176කට සිදුවුණ දේ

බස්නාහිර පළාතේ පවතින සෞඛ්‍ය තත්වයක් සමග ගෙවී ගිය දින 150 ක කාලය තුළ මගින් ප්‍රවාහනය දී සෞඛ්‍ය නීති කඩකරමින් ධාවනය කළ බස් රථ 176 ක රියදුරු කොන්දොස්තරවරුන්ට දැඩි අවවාද කර ගමන්වාර තාවකාලිකව අත්හිටවීමට කටයුතු කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා අද (15) බේරුවල, පාදාගොඩ නිවසේදී පැවසීය .

බස්නාහිර පළාතේ අද ආරම්භ වූ පාසල් වල සිසු දරු දැරියන් ප්‍රවාහනය කිරීමේදී දැඩි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් සිය ප්‍රවාහන කටයුතු සිදු කරන්නැයි බස් රථ හිමිකරුවන්ට සහ රියදුරු කොන්දොස්තර වරුන්ට උපදෙස් ලබා ලබාදී ඇතැයි ද මෙහිදී කීහ .

බස්නාහිර පළාත තුළ තදින්ම කෝවිඩ් අවදානම තිබියදී බස් රථ ධාවනයට අවසර දුන්නේ පාර්ශව කිහිපයක් ගත් එකඟතාවයක් මත වුවද ඇතැම් බස් රථ එම සෞඛ්‍ය කොන්දේසි උල්ලංඝනය කිරීම මෙලෙස ගමන් මාර තාවකාලිකව අවලංගු ඉපදීමට හේතුව බවත් හෙතෙම කීය .

කොවිඩ් වසංගත තත්ත්වයක් සමඟ පසුගිය නොවැම්බර් මාසයේ 17දින සිට ගමන්වාර ආරම්භ කළ බස් රථ 11500 කට ආසන්න බස්රථ බස්රථ සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර මෙලෙස සෞඛ්‍ය නීති උල්ලංඝනය කරආසන සංඛ්‍යාවට අමතර මගීන් හිටගෙන රැගෙන ගොස් තිබෙන බස්රථ 176 යෙ ගමන් මාර අත්හිටවූ බවත්, කොළඹ නගරයෙන් ගමන් අරඹා ධාවනය වූ කොළඹ දෙක හා කොළඹ හතර ප්‍රාදේශීය කාර්යාල බල ප්‍රදේශය බස්රථ 143 ක් සහ කළුතර කළුතර දිස්ත්‍රික්කයෙන් ගමන් අරඹන බස්රථ තිස් නවයක් ඇතුළු 176 ක් වන බස්රථ ගමන්වාර තාවකාලිකව තහනමට ලක්කර බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය .

මගී ප්‍රවාහන බස් රථවල නිසි පරිදි විසබීජ නාශක තැබීම ,මගින් ආසන වල පමණක් රැගෙන යාම ,රියදුරු කොන්දොස්තරවරුන් මුව ආවරණ පැළඳ සිටීම ,මුව ආවරණ නොමැති මගින් බස් රථවලට නංවා නොගැනීම වැනි සෞඛ්‍ය උපදෙස් තවදුරටත් ක්‍රියාත්මක බවත් කීහ .

බස් රථවල වල ගමන් ගන්නා සියලු මගින් ද පවතීන සෞඛ්‍යය නීති රීති වලට ගරු කර කටයුතු කළ යුතු බවත් බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි බලප්‍රදේශයේ බස්රථ පරීක්ෂාව තවදුරටත් සිදුකරන බවත් එහි සභාපති ප්‍රසන්න සංජීව මහතා කීහ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20
Video thumbnail
දැඩි STF ආරක්ෂාවක් මැද හෙරෝයින් තොගයක් විනාශ කිරීමට රැගෙන යන හැටි
01:43
Video thumbnail
බලන්නකෝ ළමයිනුත් හුරතල් කර කර යන නාමල්..නාමල්ව වටකරගෙන මිනිස්සු Selfie ග#න හැටි
02:59
Video thumbnail
බාල වයස්කාර දරුවන්ට දුම් කුඩු බෙදූ ජාවාරමක් පොලිසියෙන් වටලයි..
01:22
Video thumbnail
JVP එක වගේ පොලිසිය දැක්කම අපි දුවන්නේ නෑ..Pitch එකට අනුව තමයි Team එක Select කරන්නේ
04:50
Video thumbnail
"මේ කුණු මාළු මෙහෙ තියෙන්නේ.."SLS සහතිකය නොමැතිව කරගෙන ගිය ටින්මාළු නිෂ්පාදනය කරන තැනක් වටලපු හැටි..
13:44


?