කෝරෝනා නීති කැඩූ බස්රථ 176කට සිදුවුණ දේ

බස්නාහිර පළාතේ පවතින සෞඛ්‍ය තත්වයක් සමග ගෙවී ගිය දින 150 ක කාලය තුළ මගින් ප්‍රවාහනය දී සෞඛ්‍ය නීති කඩකරමින් ධාවනය කළ බස් රථ 176 ක රියදුරු කොන්දොස්තරවරුන්ට දැඩි අවවාද කර ගමන්වාර තාවකාලිකව අත්හිටවීමට කටයුතු කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා අද (15) බේරුවල, පාදාගොඩ නිවසේදී පැවසීය .

බස්නාහිර පළාතේ අද ආරම්භ වූ පාසල් වල සිසු දරු දැරියන් ප්‍රවාහනය කිරීමේදී දැඩි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් සිය ප්‍රවාහන කටයුතු සිදු කරන්නැයි බස් රථ හිමිකරුවන්ට සහ රියදුරු කොන්දොස්තර වරුන්ට උපදෙස් ලබා ලබාදී ඇතැයි ද මෙහිදී කීහ .

බස්නාහිර පළාත තුළ තදින්ම කෝවිඩ් අවදානම තිබියදී බස් රථ ධාවනයට අවසර දුන්නේ පාර්ශව කිහිපයක් ගත් එකඟතාවයක් මත වුවද ඇතැම් බස් රථ එම සෞඛ්‍ය කොන්දේසි උල්ලංඝනය කිරීම මෙලෙස ගමන් මාර තාවකාලිකව අවලංගු ඉපදීමට හේතුව බවත් හෙතෙම කීය .

කොවිඩ් වසංගත තත්ත්වයක් සමඟ පසුගිය නොවැම්බර් මාසයේ 17දින සිට ගමන්වාර ආරම්භ කළ බස් රථ 11500 කට ආසන්න බස්රථ බස්රථ සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර මෙලෙස සෞඛ්‍ය නීති උල්ලංඝනය කරආසන සංඛ්‍යාවට අමතර මගීන් හිටගෙන රැගෙන ගොස් තිබෙන බස්රථ 176 යෙ ගමන් මාර අත්හිටවූ බවත්, කොළඹ නගරයෙන් ගමන් අරඹා ධාවනය වූ කොළඹ දෙක හා කොළඹ හතර ප්‍රාදේශීය කාර්යාල බල ප්‍රදේශය බස්රථ 143 ක් සහ කළුතර කළුතර දිස්ත්‍රික්කයෙන් ගමන් අරඹන බස්රථ තිස් නවයක් ඇතුළු 176 ක් වන බස්රථ ගමන්වාර තාවකාලිකව තහනමට ලක්කර බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය .

මගී ප්‍රවාහන බස් රථවල නිසි පරිදි විසබීජ නාශක තැබීම ,මගින් ආසන වල පමණක් රැගෙන යාම ,රියදුරු කොන්දොස්තරවරුන් මුව ආවරණ පැළඳ සිටීම ,මුව ආවරණ නොමැති මගින් බස් රථවලට නංවා නොගැනීම වැනි සෞඛ්‍ය උපදෙස් තවදුරටත් ක්‍රියාත්මක බවත් කීහ .

බස් රථවල වල ගමන් ගන්නා සියලු මගින් ද පවතීන සෞඛ්‍යය නීති රීති වලට ගරු කර කටයුතු කළ යුතු බවත් බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි බලප්‍රදේශයේ බස්රථ පරීක්ෂාව තවදුරටත් සිදුකරන බවත් එහි සභාපති ප්‍රසන්න සංජීව මහතා කීහ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09