ගෙවුණු සිව් වසරේ ජම්මු කාශ්මීර බල ප්‍රදේශයේ කැපී පෙනෙන සංවර්ධනයක්

විවාදාත්මක ජම්මු සහ කාශ්මීර බලප්‍රදේශයට අදාළ 370 ව්‍යවස්ථාව අහෝසි කිරීමෙන් වසර හතරක් ගෙවී ගිය තැන එම බලප්‍රදේශයේ සර්ව සම්පූර්ණ සංවර්ධනයක් සිදුව තිබෙන බව බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා.

ආර්ථිකයේ සිට යටිතල පහසුකම් සංවර්ධනය දක්වා සියල්ල වෙනස් තලයක ඉහළ ගොස් ඇති බව විවිධ වාර්තා මගින් දැකිය හැකියි.

2019 අගෝස්තු මාසයෙන් පසු ජම්මු සහ කාශ්මීර බලප්‍රදේශයෙහි ආර්ථිකය, අපේක්‍ෂාවන්ට අනුව ක්‍රියාත්මක වෙමින් තිබෙන බව එම බල ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරන මනෝජ් සිංහ පෙන්වා දෙනවා.

2021-22 මූල්‍ය වර්ෂයේදී ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ අපනයනය සියයට 54 ක වර්ධනයක් වාර්තා කර ඇති අතර ආනයන-අපනයන ලියාපදිංචිය සියයට 173 කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

ආහාර සැකසුම්, හස්ත කර්මාන්ත සහ කාබනික නිෂ්පාදන සඳහා උපායමාර්ගික අවධානය යොමු කර ඇති බවත් ආර්ථික වර්ධනය ඊට උත්තේජනයක්  බවත්  සින්හාගේ අදහසයි.

ඔහු පැවසුවේ ජම්මු සහ කාශ්මීරය සතුව රටේ වේගයෙන්ම වර්ධනය වන උද්‍යාන වගා වෙළඳපොලක් ඇති බවයි.

එය ඉන්දියාව ලොව නිෂ්පාදන වෙළෙඳපොළ සඳහා වඩාත් කැමති ගමනාන්තයක් බවට පත් කරනු ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

ඉන්දීය රජය ද පෙන්වා දෙන්නේ අදාළ ප්‍රදේශයේ නැවත නැගී එන ආයතනික රාමුව හේතුවෙන් සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේ වේගය පස් ගුණයකින් වැඩි වී ඇති බවයි.

ඒ, හා සමානව, සාමාන්‍ය පුරවැසියන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා තීරණ ගැනීමේ ක්‍රියාවලියට ක්‍රියාකාරීව සහභාගී වීම සඳහා පංචායතන සහ නාගරික පළාත් පාලන ආයතන වැනි බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට බලය ලබා දී ඇති බවද ඉන්දීය රජය පෙන්වා දෙනවා.

පසුගිය වසර දෙක තුළ රජය මේ දක්වා නොසලකා හැර තිබූ ප්‍රදේශ සංවර්ධනය කිරීමට උත්සාහ කිරීමත් සමඟ ජම්මු කාශ්මීරයේ තරුණ තරුණියන්ගේ අභිලාෂයන් අද රටේ අභිලාෂයන් සමඟ සමමුහුර්ත වී ඇති බව විචාරක මතයයි.

එහි සන්ධිස්ථානයක් ලෙස, ජම්මු සහ කාශ්මීරයට රුපියල් කෝටි 2.200 ක් පමණ වටිනා ආයෝජන ලැබී තිබීමත් එහි නව කාර්මික ප්‍රතිපත්තිය 2021 යටතේ එක් වසරක් තුළ රැකියා 10,000 කට වඩා උත්පාදනය කර තිබීමත් පෙන්වාදිය හැකියි.

නව කාර්මික ප්‍රතිපත්ති නිලධාරීන් විසින් අනාවරණය කරන ලද දත්ත වලට අනුව,ජම්මු සහ කාශ්මීර බලප්‍රදේශය සඳහා ආයෝජන යෝජනා 5,327ක් ලැබී තිබෙනවා.

මෙම යෝජනා සියල්ලේම ආයෝජන මුදල රුපියල් කෝටි 66,000කට ආසන්නයි.

ප්‍රාදේශීය පුවත්පතක් වාර්තා කර තිබුණේ එම කලාපයට මෙතරම් දැවැන්ත ආයෝජනයක් අවසන් වරට ලැබුණේ 1947 දී බවයි.

ඉදිරි වසර 15 සඳහා ජම්මු සහ කාශ්මීරයේ කාර්මික සංවර්ධනය සඳහා නව කාර්මික ප්‍රතිපත්තිය යටතේ රුපියල් කෝටි 28,400 ක වියදම් ඇස්තමේන්තු කර ඇති අතර එය මේ දක්වා එම ප්‍රදේශයට ලැබී ඇති විශාලතම දිරිගැන්වීම ලෙසයි සැලකෙන්නේ.

මෙම දිරිගැන්වීම යටතේ රුපියල් කෝටි 20,000ක ආයෝජන මගින් රැකියා ලක්ෂ 4.5 ක් උත්පාදනය කිරීමට අපේක්ෂා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?