ගෙවුණු සිව් වසරේ ජම්මු කාශ්මීර බල ප්‍රදේශයේ කැපී පෙනෙන සංවර්ධනයක්

විවාදාත්මක ජම්මු සහ කාශ්මීර බලප්‍රදේශයට අදාළ 370 ව්‍යවස්ථාව අහෝසි කිරීමෙන් වසර හතරක් ගෙවී ගිය තැන එම බලප්‍රදේශයේ සර්ව සම්පූර්ණ සංවර්ධනයක් සිදුව තිබෙන බව බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා.

ආර්ථිකයේ සිට යටිතල පහසුකම් සංවර්ධනය දක්වා සියල්ල වෙනස් තලයක ඉහළ ගොස් ඇති බව විවිධ වාර්තා මගින් දැකිය හැකියි.

2019 අගෝස්තු මාසයෙන් පසු ජම්මු සහ කාශ්මීර බලප්‍රදේශයෙහි ආර්ථිකය, අපේක්‍ෂාවන්ට අනුව ක්‍රියාත්මක වෙමින් තිබෙන බව එම බල ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරන මනෝජ් සිංහ පෙන්වා දෙනවා.

2021-22 මූල්‍ය වර්ෂයේදී ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ අපනයනය සියයට 54 ක වර්ධනයක් වාර්තා කර ඇති අතර ආනයන-අපනයන ලියාපදිංචිය සියයට 173 කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

ආහාර සැකසුම්, හස්ත කර්මාන්ත සහ කාබනික නිෂ්පාදන සඳහා උපායමාර්ගික අවධානය යොමු කර ඇති බවත් ආර්ථික වර්ධනය ඊට උත්තේජනයක්  බවත්  සින්හාගේ අදහසයි.

ඔහු පැවසුවේ ජම්මු සහ කාශ්මීරය සතුව රටේ වේගයෙන්ම වර්ධනය වන උද්‍යාන වගා වෙළඳපොලක් ඇති බවයි.

එය ඉන්දියාව ලොව නිෂ්පාදන වෙළෙඳපොළ සඳහා වඩාත් කැමති ගමනාන්තයක් බවට පත් කරනු ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

ඉන්දීය රජය ද පෙන්වා දෙන්නේ අදාළ ප්‍රදේශයේ නැවත නැගී එන ආයතනික රාමුව හේතුවෙන් සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේ වේගය පස් ගුණයකින් වැඩි වී ඇති බවයි.

ඒ, හා සමානව, සාමාන්‍ය පුරවැසියන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා තීරණ ගැනීමේ ක්‍රියාවලියට ක්‍රියාකාරීව සහභාගී වීම සඳහා පංචායතන සහ නාගරික පළාත් පාලන ආයතන වැනි බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට බලය ලබා දී ඇති බවද ඉන්දීය රජය පෙන්වා දෙනවා.

පසුගිය වසර දෙක තුළ රජය මේ දක්වා නොසලකා හැර තිබූ ප්‍රදේශ සංවර්ධනය කිරීමට උත්සාහ කිරීමත් සමඟ ජම්මු කාශ්මීරයේ තරුණ තරුණියන්ගේ අභිලාෂයන් අද රටේ අභිලාෂයන් සමඟ සමමුහුර්ත වී ඇති බව විචාරක මතයයි.

එහි සන්ධිස්ථානයක් ලෙස, ජම්මු සහ කාශ්මීරයට රුපියල් කෝටි 2.200 ක් පමණ වටිනා ආයෝජන ලැබී තිබීමත් එහි නව කාර්මික ප්‍රතිපත්තිය 2021 යටතේ එක් වසරක් තුළ රැකියා 10,000 කට වඩා උත්පාදනය කර තිබීමත් පෙන්වාදිය හැකියි.

නව කාර්මික ප්‍රතිපත්ති නිලධාරීන් විසින් අනාවරණය කරන ලද දත්ත වලට අනුව,ජම්මු සහ කාශ්මීර බලප්‍රදේශය සඳහා ආයෝජන යෝජනා 5,327ක් ලැබී තිබෙනවා.

මෙම යෝජනා සියල්ලේම ආයෝජන මුදල රුපියල් කෝටි 66,000කට ආසන්නයි.

ප්‍රාදේශීය පුවත්පතක් වාර්තා කර තිබුණේ එම කලාපයට මෙතරම් දැවැන්ත ආයෝජනයක් අවසන් වරට ලැබුණේ 1947 දී බවයි.

ඉදිරි වසර 15 සඳහා ජම්මු සහ කාශ්මීරයේ කාර්මික සංවර්ධනය සඳහා නව කාර්මික ප්‍රතිපත්තිය යටතේ රුපියල් කෝටි 28,400 ක වියදම් ඇස්තමේන්තු කර ඇති අතර එය මේ දක්වා එම ප්‍රදේශයට ලැබී ඇති විශාලතම දිරිගැන්වීම ලෙසයි සැලකෙන්නේ.

මෙම දිරිගැන්වීම යටතේ රුපියල් කෝටි 20,000ක ආයෝජන මගින් රැකියා ලක්ෂ 4.5 ක් උත්පාදනය කිරීමට අපේක්ෂා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55