චීනය සහ තායිලන්තය මෙරට මැණික් අඩු වටිනාකමට මිලදී ගැනීම නිසා රජයට බදු නොලැබීමේ ප්‍රවණතාවක්

චීන, තායිලන්ත ජාතිකයින් විසින් අයථා මුදල් යොදා ගනිමින් අයථා ලෙස මෙරට මැණික් ගල් ඉතා අඩු වටිනාකමට ක්ෂේත්‍රයේදීම මිලදී ගැනීම හේතුවෙන් රජයට අපේක්ෂිත බදු මුදල් නොලැබෙන බව පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

මේ නිසා රජයට නිසි පරිදි බදු මුදල් ගෙවමින් සාධාරණ ලෙස සිය ව්‍යාපාරය පවත්වාගෙන යන මැණික් ව්‍යාපාරිකයින්ට අසාධාරණයක් සිදුවන බවයි මෙහිදී සාකච්ඡා වූයේ.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ආනයනය, අපනයනය සහ ප්‍රතිඅපනයනය සම්බන්ධයෙන් වන ගැටළු පිළිබඳ සාකච්චඡා කිරිම සඳහා පසුගියදා කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යාපාරික සංගම් නියෝජිතයින්, මැණික් සහ ස්වර්ණාභරණ අ‍ධිකාරියේ සභාපති ඇතුළු නිලධාරීන්, මුදල් හා ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (කෘෂිකර්ම සහ පරිසර) මෙම කමිටුවට කැඳවා තිබුණා.

ශ්‍රී ලංකාවේ මැණික් සඳහා ‍විදේශ රටවල් අතර පැවැති කීර්තිමත් නාමය නැවත ඇති කර ගැනීම සඳහා කටයුතු කිරීම සහ මැණික් අපනයනයෙන් සහ ප්‍රතිඅපනයනයෙන් මෙරටට විදේශ විනිමය ලබා ගැනීමට කටයුතු කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අපේක්ෂාව බවයි කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා පෙන්වා දුන්නේ.

මැණික් ප්‍රතිඅපනයන සඳහා ආනයනය කිරීමේදී පනවා ඇති 2.5% ක සමාජ ආරක්ෂණ බද්දෙන් එම ක්‍රියාවලිය නිදහස් කිරීමට දැනටමත් සංශෝධිත පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දෙනු ලැබු අත්ගර ඉදිරියේදී එම සහනය ව්‍යාපාරිකයින්ට ලබාදීමට නියමිතයි.

මැණික් ප්‍රතිඅපනයනය සඳහා කුරියර් මඟින් ආනයනය කිරීමේදී මෙලෙස 2.5%ක බදු මුදලක් ගෙවීමට සිදුවුව ද ඇමරිකානු ඩොලර් 200ක් පමණක් ගෙවීමෙන් ඉතා විශාල වටිනාකමකින් යුත් මැණික් තොගයක් වුව ද අතෙහි ගෙන ඒමට (Hand luggage) හැකි බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් මැණික් අපනයනයේදී ලාභය මත අයකරනු ලබන 30%ක ආදායම් බද්ද පිරිවැටුම මත 2.5% වශයෙන් අයකිරීමට ඇති හැකියාව සලකා බලන ලෙස ද ව්‍යාපාරිකයින් ‍මෙහිදී ඉල්ලා තිබෙනවා.

රුපියල් 500,000ට වඩා වැඩි මුදල් ගණුදෙණු සිදු කිරීමේදී රජය විසින් අයකරනු ලබන බදු මුදල්වලින් බේරීම සඳහා බොහෝ විට ක්ෂේත්‍රයේ සිටින මැණික් ව්‍යාපාරිකයින් මෙවැනි වැඩි වටිනාකමකින් යුතු මුදල් ගණුදෙනු අත්පිට මුදලට සිදුකිරීමට පෙළඹී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ නිසා සාධාරණ ලෙස බැංකු හරහා මුදල් ගණුදෙණු කර නිසි ලෙස බදු මුදල් රජයට ගෙවන ව්‍යාපාරිකයින්ට ක්ෂේත්‍රයෙන් ඉවත්ව යාමට සිදුව ඇතැයි සඳහන්.

විදේශීය ජාතිකයින් මෙරට මැණික් කර්මාන්තය ආක්‍රමණය කිරීම නියාමනය කිරීමට දැනට ප්‍රතිපත්ති සම්පාදනය කරන බව මැණික් සහ ස්වර්ණාභරණ ‍අධිකාරියේ සභාපතිවරයා කාරක සභාව හමුවේ පැවසු අතර අදාළ ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාවය ද කාරක සභාව විසින් අවධාරණය කර තිබෙනවා.

රත්‍රං ආනයනය කිරීමට අපනයනකරුවන්ගේ පෙර වසරවල අපනයන ඉපැයීම් හෝ විදේශ මුදල් ඉපැයීම්වලින් 30%ක් පදනම් කර ගෙන බලපත්‍රයක් මඟින් බදු අයකිරීමෙන් තොරව අවසර ලබාදෙන ලෙස ස්වර්ණාභාරණ ව්‍යාපාරිකයින් ඉල්ලා තිබෙනවා.

මෙහිදී අතර මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්වා දුන්නේ ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී සිටින ව්‍යාපාරිකයින් සඳහා අවශ්‍යවන රත්‍රං අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයනයට බලපත්‍රයක් ලබාගෙන ආනයනය කිරීමේ බාධාවක් දැනට නොමැති අතර කැරට් 24 රත්‍රං ආභරණ ආනයනය කිරීම පමණක් නවතා ඇති බවයි.

මෙහිදී කාරක සභාවට සහභාගී වු ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පවසා සිටියේ “TIEP Scheme” නම් ක්‍රමවේදය යටතේ (අපනයන සැකසුම් සඳහා තාවකාලික ආනයනය) ස්වර්ණාභරණ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය වන රත්‍රං අමුද්‍රව්‍යයක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි වීම මඟින් බදු අයකිරීමෙන් තොරව මෙරටට ගෙන්වා ගත හැකි බවයි. නමුත් මෙම ක්‍රියාවලියේ පවතින සංකීර්ණභාවය හේතුවෙන් ව්‍යාපාරිකයින් ඒ සඳහා සිය අකමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

සිය ව්‍යාපාර කටයුතු පහසුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ බැංකුවක් චීනයේ පිහිටුවීම හෝ චීනයේ බැංකුවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සම්බන්ධව මැණික් ව්‍යාපාරිකයින්ගෙන් ලද යෝජනාව කෙරෙහි ද කාරක සභාව සිය අවධානය යොමු කරනු ලැබුවා.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් පැමිණි නිලධාරියා පැවසුවේ 2018 වර්ෂයේ සිට “Bank of China” ලංකාවේ ක්‍රියාත්මක වන අතර ලංකාවේ බැංකුවක් චීනයේ පිහිටුවීම දැනට ලංකාව මුහුණපා සිටින ආර්ථික අර්බුදය හමුවේ අපහසු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සයුරපුර මහල් නිවාස සංකීර්ණයට හදිසියේම STF එකෙන් කඩා ප#යි..ගෙවල්වලට ෆුල් සුද්දයක් දෙන්නේ
01:16
Video thumbnail
අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අවුරුදු 2ක කාලයක් යයි
10:25
Video thumbnail
පුද්ගලයෙකුගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..කාර් එක කුඩේ කුඩු - ෆ්ලැට් වෙලාම ගිහින්
01:10
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි
00:42
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
00:00
Video thumbnail
මොනාද අනුර කුමාර මේ කරන පජාත වැඩ..?
07:29
Video thumbnail
පෙළපාලියේ සිංහයාගේ අනුරුව පිළිකන්නට දාලා?ණයවෙලා ගේන ඩබල් කැබ්වල යන්නත් එපා අභිමානයක් නෑ
07:51
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59


?