වවුනියාවේ උපන්දින සාදයක් පැවති නිවසට ගිනි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනි තබා පුද්ගලයින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වවුනියාව පොලිසිය සිදු කළ මෙහෙයුම්වලින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

වවුනියාව කූමාන්කුලම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ප්‍රධාන සැකකරු අද වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.

මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වවුනියාව මහේස්ත්‍රාත් වසීම් අහමඩ් මහතා ඊයේ (02) සවස නියෝග කළා.

නිවසට ගිනි තැබීමෙන් 23 හැවිරිදි කාන්තාවක් එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්වු අතර පිළිස්සුම් තුවාල ලැබු ඇයගේ සැමියා වන 35 හැවිරිදි සුගන්දන් නමැති පුද්ගලයෙකු පසුගිය 26 වැනිදා යාපනය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්වුණා.

උපන්දින සාදයක් පැවති නිවසට පැමිණි සැකකරුවන් නිවැසියන්ට කැපුම් තුවාල සිදු කර නිවැසියන් ගෙතුළට ගිය අවස්ථාවේ නිවසට ගිනි තැබීම සිදු කර තිබුණා.

සිද්ධියෙන් මියගිය යුවළගේ වයස අවුරුදු 02ක පිරිමි දරුවා, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙකු, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයකු වවුනියාව රෝහලේ තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

නිවසට ගිනි තැබීමට සහ නිවැසියන්ට පහරදීමට මුහුණු ආවරණය කරගත් කණ්ඩායමක් පැමිණෙන අයුරු දැක්වෙන CCTV දර්ශන ද පොලිසිය වෙත ලැබී තිබු අතර, ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණ මඟිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ.

අනියම් සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් මත ඝාතනය සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා.

එමෙන්ම සැකකරුවන් ඝාතනයට භාවිතා කළ බව කියන කඩු පහක් ඇතුළු ආයුධ තොගයක් ද වුනියාව වෛරවපුලියන්කුලම වැවේ සඟවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01) සොයා ගනු ලැබුවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන පිරිසක්පු.

ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, එම සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරු සහ මියගිය සුගන්ධන් නමැත්තා කලක සිට මිතුරන්ව සිට ඇති අතර, අනතුරුව දෙදෙනා අතර විරසකයක් හටගෙන ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

ප්‍රධාන සැකකරු අනතුරුව වෙනත් කණ්ඩායමකට ඝාතන කොන්ත්‍රාත්තුව භාරදී ඇති බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේ නිවසක 24 වැනිදා අලුයම ගින්නක් හටගෙන ඇති බවට වව්නියාව පොලිසියට ලැබුණු පණිවිඩයක් හරහා පොලිසිය එදින මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

ගිනි ගැනීමට ලක්වූ නිවසේ පදිංචි පුද්ගලයා මුදල් පොලියට දීම සහ තවත් ව්‍යාපාර සිදු කර ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
6
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52