AFC Banner
Empty Ad
Empty Ad

නවතා දැමූ සංවර්ධන ව්‍යාපෘති 63ක් මෙම වසර අවසානයට පෙර අවසන් කිරීමට රජයේ අවධානය

රට තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් නවතා දැමුණු සංවර්ධන ව්‍යාපෘති 63ක් මෙම වසර අවසානයට පෙර අවසන් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

2030 වනවිට තවත් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 261ක් නිම කිරීමට ද සැළසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

මෙම ව්‍යාපෘතිවලින් වැඩි ප්‍රමාණයක් විදේශ ණය සහ අරමුදල් මත ක්‍රියාත්මකවන ඒවා බව සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?