ශ්‍රී ලංකාව ආධාර දෙන්න ඉන්දියාවෙන් චීනයට ඇරයුමක්

ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සැපයීම සඳහා ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සමඟ එක්වන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් චීනයට ආරාධනා කර තිබෙනවා.

ණය අවදානම් සමඟ පොරබදමින් සිටින රටවල් සඳහා සහන පියවර වේගවත් කරන ලෙසටයි ඇය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ඉල්ලා ඇත්තේ.

දුෂ්කර ආර්ථිකයන් සඳහා බහුපාර්ශ්වික සංවර්ධන බැංකු (MDBs) විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ සහ ණය සහන ක්‍රියාමාර්ගවල වැදගත්කම ද අමාත්‍යවරිය අවධාරණය කරනු ලැබුවා.

ඉන්දියාව G-20 සභාපති ධුරය භාර ගන්නා විට, මෙම පියවර ප්‍රමුඛතා අතරට පත්ව තිබෙනවා.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මෙම ගැටළු විසඳීම සඳහා IMF සහ ලෝක බැංකු ව්‍යුහවල සීමාවන් තුළ සහ ඉන් පිටත පුළුල්, කාර්යක්ෂම ප්‍රවේශයක් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38