spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව ආධාර දෙන්න ඉන්දියාවෙන් චීනයට ඇරයුමක්

ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සැපයීම සඳහා ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සමඟ එක්වන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් චීනයට ආරාධනා කර තිබෙනවා.

ණය අවදානම් සමඟ පොරබදමින් සිටින රටවල් සඳහා සහන පියවර වේගවත් කරන ලෙසටයි ඇය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ඉල්ලා ඇත්තේ.

දුෂ්කර ආර්ථිකයන් සඳහා බහුපාර්ශ්වික සංවර්ධන බැංකු (MDBs) විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ සහ ණය සහන ක්‍රියාමාර්ගවල වැදගත්කම ද අමාත්‍යවරිය අවධාරණය කරනු ලැබුවා.

ඉන්දියාව G-20 සභාපති ධුරය භාර ගන්නා විට, මෙම පියවර ප්‍රමුඛතා අතරට පත්ව තිබෙනවා.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මෙම ගැටළු විසඳීම සඳහා IMF සහ ලෝක බැංකු ව්‍යුහවල සීමාවන් තුළ සහ ඉන් පිටත පුළුල්, කාර්යක්ෂම ප්‍රවේශයක් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?